ගොඩකවෙල, ශ්‍රී ලංකා.

ඇමටියගොඩ වලව්වේ හත් මීමුතු පරම්පරාව

1.1700.ඇමටියාගොඩ අලහකෝන් මුදියන්සේ (කිරි කිත්තා)
2.ඇමටියාගොඩ ගුණතිලක අලහකෝන් මුදලිතුමා (කිත්තා)
3.ඇමටියාගොඩ මුදියන්සේ (ඇහැළපොල නිළමේගේ අනුගාමිකයෙකු වූ හෙයින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ උදහසින් මැරුම්කෑ සබරගමු රදලන් 60 දෙනාගෙන් එක් අයෙකි. ඇතැම් ඉතිඑාසපොත්වල 74ක් ලෙස සදහන් වේ. වලල්ගොඩ පැරණි දෙමහල්පාය ප්‍රතිසංස්කරණය සදහා ඇහැළපොල නිළමේ හා දායක වූවෙකි. (පනත්තා)
4. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ ලොකුබණ්ඩාර කෝරලේ මහත්මයා (බස්නායක නිළමේ කුඩා කතරගම) (නත්තා)
5. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ මද්දුම බණ්ඩාර කෝරලේ මහත්මයා (මී මුත්තා)
6. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ ගුණතිලක බණ්ඩාර ඇමටියාගොඩ (මුත්තා)
7. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ ආතර්‍ හෙන්රි ඇමටියාගොඩ (ආතා)
8. ගුණතිලක අලහකෝන් මුදියන්සේලාගේ උදය ඇමටියාගොඩ (බස්නායක නිළමේ අම්මඩුව කුඩා කතරගම දේවාලය සහ බලන්ගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය)
07,08,09, වන පරපුරු වර්තමානයේ ජීවත් වෙයි.මෙම පරපුරු 09 දක්වා විශාල විකාශනයක් තිබේ.මෙහි දැක්වෙන්නේ වලව්වතුල ජීවිතාන්තය දක්වා ජීවත් වූ පරපුරේ එක් එක් ප්‍රධානියා පමණි.

 

පාදුක්ක – මාදුලාව – හොරඩෙ ශ්‍රී ගුණතිලකාරාමය

ඇමටියගොඩ නිහිමියන්ගේ ආදිතමයා – ගුණතිලක අලහකෝන් මහ වාසල මුදලිතුමාය, ආදිතමිය – ඇමටියගොඩ එතනා කුමාරිහාමිය. මුත්තනුවන් ඇමටියගොඩ මුදියන්සේය (ඹහුද හදුන්වා ඇත්තේ මුදලිතුමා ලෙසටය) මුත්තනුවන්ගේ සහෝදරිය උක්කු එතනා කුමාරිහාමිය, පියා – පුංචි බණ්ඩා ඇමටියගොඩ වූ අතර මව පල්ලේගම වලව්වේ රංමැනිකේ කුමාරිහාමි විය. ඇමටියගොඩ නාහිමියන්ගේ ගිහිනම ඇමටියගොඩ ටිකිරි මුදියන්සේය.

පැවිදි වී ඇත්තේ කුරුවිට එක්නැලිගොඩදීය. පියාට සටනින් පසු රජුගෙන් නම්බු නාමයක් ැලසට ලැබුනු ගුණතිලක නාමය මුල්කොට 19 වන සියවසේ මුල් භාගයේදී ශ්‍රී ගුණතිලකාරාමය පිහිට වූ බවට පිලිගත හැක. ඇමටියගොඩ රහතන්වහන්සේ ලෙසට අතීතයේ හදුන්වා තිබෙන බව  මුඛ පරම්පාරාගතව  පවුලේ අය අතර පවතින බව මා අසාදැන ඇත. පාදුක්ක – මාදුලාව – හොරගොඩදී ඇමටිගොඩ විමල තිස්ස නමින්ද කුරුවිට එක්නැලිගොඩදී ඇමටියගොඩ ධම්මපාල නමින්ද නාහිමියන් හදුන්වා ඇත.

ඇමටියගොඩ හිමි ගිහිගෙය හැරයාමට කාරනා දෙකක් ගැන එපරිදිම අසා ඇත. එකක් සිය මුත්තනුවන් වූ ඇමටියගොඩ මුදියන්සේ රාජ උදහසට ලක්ව (ඇහැලපොලට ඔටුනු පැළදිවීමට සැලසීමේ සිද්දිය) හිස ගැසුම් කෑමය. අනෙක කටුවන මාතර සටනේ උපක්‍රමයක් ලෙසට සටනට පෙර වේහැල්ලේ ධම්මදින්න නාහමියන් මූලිකත්වයෙන් තම ලියා වූ ගුණතිලක අලහකෝන් මහ වාසල මුදලිතුමාගේද සහය ඇතුව 17වන සියවස මැද භාගයේදි කුලවත් පවුලවල පැවැදිව සිටි ගනින්වහන්සේලා සමග සියම් මහ නිකාය පිහිටිවීමෙන් පසුව ඉතිරි සිටි කුලවත් සහ කුලවත් නොවන පවුල්වල පැවිදිව සිටි ගනින්වහන්සේලා එකතුකර උඩරට අමරපුර නිකාය බිහි කර වීමට සියම් දේශයෙන් භික්ෂූන් වහන්සේලා වැඩමවා සැලැස්වීමය  මෙම කාරනා දෙකම විය හැක. (අතීත රජ දවස රාජ උදහස සිය පවුලටම බලපානු ලබන ‌හේතුවෙන් නාහිමියන් නම් දෙකකින් හැදින්නුව ගත්තා විය හැක.)

ඇමටිගොඩ නාහිමියන්ගේ නොමැකී පවතින පම්පූර්ණ රුවක් පැරණි විහාරගෙයි බිත්තියේ ඇති අතර එය අදෘෂමාන බලයක් පවතින බවත්, මල් පහන් පූජා වට්ටි තබමින් බැතිමතුන් ඇමටියගොඩ දෙවියන් ලෙස හදුන්වෙමින් වන්දනාමාන කරණ අතර පන්සල් භූමිය තුල පිහිටි නා වෘක්ෂයද වැඩ ඉන්න වෘක්ෂය ලෙස අදටත් වන්දනාමාන සිදුකරනු ලබයි.

සබරගමුව මහා සමන් දේවාලයේත් බලන්ගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයෙන් බස්නායක නිලමේ දූරය දැරු  වාරියගම බස්නායක නිලමේ කීර්තිමක් අලහකෝන් මුදලි තුමාගේ පරපුරේ කෙනෙකු වේ. 1862 සිට 1882 දක්වා දීර්ග කාලයක් බලන්ගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයෙ බස්කායක දූරය දරමින් දේවාල කුඩාපත විකාශයට පත්වෙමින් පැවැති අවදියක එය නැවත ලිවීම වාරිගම බස්නායක නිලමේ කාලයේදි සිදු වූ වැදගත් කාර්‍යයකි.