ගෘහ නිර්මාණය වා රික්තකයක් සොයා බැසයන කදුබෑවුමක මධ්‍යයේ නිර්මාණය කර තිබීම.වා තරංග මගින් කෘමීන්ගේ ආරක්ෂාවීම මැසි මදුරුවන්ගේ උවදුරු අවම වීම ඉවඅල්ලා ජීවත්වන විසකූරු සතුන්ගෙන් ආරක්ෂා වීම මකුනුදැල් බැදීම අවමවීම අකුණු වලින් ආරක්ෂා වීම ඇතුළු ස්වාභාවික විපත් අවම වීම අනවිණ කොඩිවිණ බලපෑම් ඇති නොවීම පිළිබඳ විශ්වාසය ඇතිවීම.ප්‍රේතභූත බලපෑම් ඇතිනොවීම පිළිබඳ විශ්වාසය ඇතිවීම. ගුරුත්වාකර්ශනය අවමවීම තුල දීර්ඝායුෂ සහ නිරෝගී සම්පන්න වීම බලාපොරොත්තුවයි.
වලව්වක අනිවාර්ය්‍ය කොටස් වූ ඇතුල්ගේ පිටගේ ලෙස භාවිතා වූ අංගනය ඇතුල් අංගනය (මෙහි වියන්බැදීම අනිවාර්ය්‍ය වෙයි)සහ පිටක්කනය සහිතව අඩි 4ක් උස කළුගල් පලා ඇතිරූ වේදිකාවක් මත සිමෙන්ති නොතිබූ යුගයක කළුගලෙන් බැමිබැද හුබස්මැටි,හුනුගල්,වැලි උක්පැණි සමග මිශ්‍රකර කපරාරුව ගසා තිබේ.ජනෙල් උළුවහු සදහා ලින්ටල (රැදවුම්) ලෙස භාවිතා කර ඇත්තේ ඝනකම දැවයි.ගෙබිම කළුගල් අතුරා අලි ලවා පාගා ඒමත හුබස්මැටි. හුනුගල්, වැලි සමග මීඉටි උක්පැණි සමග මිශ්‍රකර පල්ප් එකක් සාදා යොදා තිබේ.වහලයේ දැවමත මකුළු මැටියෙන් සාදාගත් මිශ්‍රනයක් තවරා තිබේ.මෙම සියළුදේ මගින් ගෙතුල සිසිල්ව තබා ගැනීම සිදුවී තිබේ.වලව්වට හතර දිශාවෙන්ම ඇතුල්වීමට හා පිටවීමට පිලිවන.හතර දිශාවෙන්ම ආලෝකය සමග වාතාශ්‍රය පවතී.ආලෝකය ලැබීමට මැදමිදුල තිබේ.වහලය මැටිඋළු යොදා තිබීමත් අංගනවලට කිරිමැටියෙන් නිරිමිත ගඩොල් අල්ලා තිබීමත් ගෙතුල සිසිල්ව තබාගැනීමට ගත් තවත් උත්සහායකි.මේ අනුව වලව්ව තුල ස්වාභාවික වායුසමීකරණයක් සිදු වී තිබේ.ශරීර උෂ්නත්වය මෙමගින් උරාගැනීමක් සිදුවෙයි.
ඕලන්ද ගෘහනිර්මාණයට අනුව නිර්මාණය කර ඇති වලව්වේ ඉදිරිපස අංගනය විශාල කුළුනු 16ක් දෙපේලියකට යොදා ඇත.පෞඩත්වයත් අභිමානයත් ඉන්පිළිඹිබු වෙයි.විශාල උළුවහු ජනෙල් යොදා ඇති අතර සෑම උළුවස්සකම එලිපත සවිකර ඇත. උළුවහු ජනෙල් සවිකර ඇත්තේ ජලයේ ගිල්වා නිවැරදිව අගමුල හදුනාගෙනයි.එසේ සවිකිරීම නිවැසියන්ගේ ජනජීවිතයට බලපායි.කන්ද උඩරට රජමාලිගයේ මෙන් සී මැදුරු කවුළු දෙකකි.එය කටුවන ලන්දේසි කොටුවේ ප්‍රධානියාගේ නිල නිවසේ සී මැදුරු කවුළු දෙකය. කන්ද උඩරට රජමාලිගයේ ද ගෘහනිර්මාණය මේ අයුරුය කොස් ලී අරටුවෙන් වහල සාදා ඇත.සොල්දරය සහිතව මහල් දෙකකි.සේවක කාමර උළුවහු මිටිවත් ඇතුල්ගෙයි උළුවහු උස්වත් තිබේ.වලව්ව තුලට පිවිසෙන ස්ථානයේ පිච්ච මලක් කෙටූ සදකඩ පහනක් සහිත ගල්පඩි පෙලකි.එසේම වලව්වතුලට පිවිසෙන ස්ථානයේ පහතට වවනලද විශාල වැලකි ඉන් වලව්ව තුලට පිවිසෙන යිට හිස නැමිය යුතු යන්න අදහස විය.
ලංකාවේ ප්‍රථම ඡායාරූප සිතියමේ මුල්පිටපත,පැරණි එළාර කොඩිය ඇතුළු දිසාකොඩි, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීම සිහිවීමට රැගෙන එන ලද රජු භාවිතා කළ ශ්‍රී ලාංඡනය යෙදූ ජලකාන්දු නොවන බෙහෙත් සැරයටිය, සිංහල හෙල්ල,දඩුවම් සදහා භාවිතා කල එක් එක් ප්‍රමාණයේ බස්තම්,කඩුව,පැරණි හෙන්ඩුව, කස්තාන කඩු, මුදලිතුමා රජුදැක්මට යන අවස්ථාවට පැලදි රෙදිපිලි,හිස බදිපනා,රාජකීය මුද්‍රාව තැබූ තඹ උළුකැටය,රාජකීය උළුකැටය රැදවූ මහ උළුකැටය,මුදුන් උළුකැට ලෙස භාවිතා කල ලේන්සු උළුකැට සහ හවරි උළුකැට ,රාජකීය අත්සන තැබූ ඇමටියගොඩ සන්නස,යුද්ධයේදී මුදලිතුමා ඉනබැදි යන්ත්‍රය, මදාරා මිට සහිත අංකුෂය,ගමන් තිරික්කලය,යුද්ධයේදී රැගෙන ගිය කිරිගරුඩ බුදුරුව,සර්වඥ ධාතු රිදී කරඩුවද එය බහාලු දැව කරඩුව,පැරණි දැව ඉලත්තට්ටුව,බුලත් කෙටූ රිදී වංගෙඩිය,කිල්ලෝටය,සිංහල ආභරණ පෙට්ටි,අත්පළදනා ඇතුළු මැණික් ඇල්ලූ රං,රිදී ආභරණ සිංහල ගමන් පෙට්ටි,මිදි වැල,කොහිල වැල,නෙළුම් මල,වල්ලූණු මල,අන්නාසි ගෙඩිය, කැටයම් කල ඇත්දත් කොටස් ගිල්වා සැකසූ සිංහල ගෘහ භාණ්ඩ සහ ඕලන්ද ගෘහභාණ්ඩ,එළහරක් අගෙන් නිර්මිත වෙඩිබෙහෙත් ගුලා ලෝන හමෙන් සැකසූ මන්ද,ලියන මේසය,පැරණි ගල් කැසිකිලි ලෑල්ල, ගංගාතය එල්ලා තැබීමට භාවිතා කල ගෝන අංකොටස,දිග්ගේ නැටුම අවස්ථාවේදී භාවිතාකල රත්‍රං තල ගිරය,දෝලාව,පැරණි හෙන්ඩුවක්,වී අටුව.තීන්ත සෑදීමට භාවිතා කල සෙල්මුවා භාජනය,රාත්‍රියට ආලෝකය ලබා ගැනීමට දැල්වීමට මී තෙල් සාදා ගැනීමට භාවිතාකල මීඉටි පානේ කොටසක්,දිග්ගේ කොඩිවින කැපීමට භාවිතා කල දිවිහිස හා ගෙරිහිස්,නැව් බැදි කඹ,කුරුනිය, කාර්තුව,සේරුව,හුන්ඩුව,ලාහ,දඩුකද,පැරණි නගුල්,එදිනෙදා පරිහරනය කල පැරණි පිත්තල,රිදී,මැටි සහ දැව භාණ්ඩ,ගල් කූඤ්ඤය,කම්මල් කිනිහිර,කඩුමුවහත් කල ගල,ලන්දේසි සටනේ සිහිවටනය ලෙස ගෙන ආ ලන්දේසි තුවක්කුව,චිමිනිය සහිත ඉටිපන්දම් රදවනය,ලන්දේසි මුරභටයන් හිසබැදි ගෑස් ලාම්පු, ලන්දේසීන්ගේ පදක්කම් බහාලූ ජර්මනියේ හැම්බර්ග්හි නිෂ්පාදිත වාත්තුකර සැකසූ ආරක්ෂිත වානේ සේප්පුව පසුකාලීන 1805 දී ඉංග්‍රීසි ආණ්ඩු සමයේ එංගලන්තයේ නිෂ්පාදිත කෑමකාමර සීනුව,කටුපෑන රදවනය සහ තීන්ත භාජනය,පනාමුරේ කෙනර අලියාගේ වම් හක්කද,වාත්තුකරන ලද ග්‍රැමර් ෆෝනය,ඇමටියගොඩ නින්දගමේ මුදලිතුමා ඉදිකරන ලද විහාරයට දේපල පූජාකර ඇත්තේ ගම් තලපතකිනි.වලව්වත්තෙන් පන්සලට පිවිසීමට තිබූ ගල් ඒ දණ්ඩ,මුදලිතුමා ස්නානයට භාවිතා කල මැටි කොරහ, පිත්තලෙන් සාදා රන්ආලේපිත ජෝගුව සහ ජලය පානයට භාවිතා කල භාජන-05,පැරණි පිගන් ඇතුළු භාජන රන්,රිදී,ලෝහ වර්ග කාසි, පුස්කොළ පත්,
පැමිණි රාජ්‍ය නායකයන් ලෙස ලංකාවේ සියළුම ජනනායක නායිකාවන් වෙයි.ඇහැලෙපොල නිළමේ නිතර පැමිණීම විදේශිකයින් අතර සර් රොබට් බවුන්රිග්,ලෙනාඩ් වුල්ෆ් ආදීන් වෙයි.
පැරණි ලේඛන
1761 ඇමටියගොඩ සන්නස,1801 ඇමටියගොඩ නින්දගමට දුම්බර අදිකාරම් විසින් දෙනලද තුඩපත,යුද්ධයේදී ඉනබැදි යන්ත්‍රය,18වන සියවසේදී අතිකල ඔප්පු ලිවීමේදී ඇමටියගොඩ නින්දගමට ලියූ ප්‍රථම රාජකාරී ඔප්පුව,18 වන සියවසේදී ලියූ උකස් ඔප්පු,18 වන සියවසේදී ලියූ මිනිරන් පතල් පැවරුම් ඔප්පු,18 වන සියවසේදී ලියූ සිහිවීම් පත්‍රයක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලබා දී තිබූ ඇමටියගොඩ නින්දගමට රාජකාරී වැඩලේඛනයේ මුල් පිටපත,1811 ඇමටියගොඩ නින්දගමේ ඉඩම් හබයක් සම්බන්ධව ඇහැලේපොල නිළමේගේ නඩුතීන්දුව සදහන් තුඩපත මඩුවන්නල දිසාවගෙ උඩරට පහතරට භේදය සදහන් ලිපිය,1923 ඇමටියගොඩ නින්දගමේ පැරණි ඔප්පුව.
ඇමටියගොඩ වලව්වේ ලාංඡනය කලාවකට අනුව නිර්මාණයකල නයිපෙනය, අශ්වහිස,නෙළුම්මල,මහාමඩුවෙ (අධිකරණ ශාලාව) තබා තිබූ අඩමිනිස් හිස.
ඇත්හල,අශ්වහල,කම්මල,අඩුක්කු ගෙය,පිටවන්න ගෙය,පන්සල ඇතුළු අවශේෂ ගොඩනැගිලිවල පාදම පමණක් වර්තමානයේ ඉතිරිව ඇත.
වලව්ව නිර්මාණයට කලුගල්,හුණුබදාම, වරිච්චි, මීඉටි බදාම, කොස්දැව, කිරිමැටි, මැටි, හුබස්මැටි යොදා ගෙන තිබේ.
වලව්ව තුල ඇති ගෘහභාණ්ඩ නිර්මාණයට කළුවර, නැදුන්, බුරුත, කොස්, තේක්ක යන දැව භාවිතා කර තිබේ.
වර්ණ සකසා ගැනීමට මකුළු, දුම්මල, කැකුණතෙල්, ලුණු මිදෙල්ල කොළ, පතගි, කොරකහ,සාදිලිංගම්, බාන්වැල්, ගොකටු ගසේකිරි, දඹපොතු, නිල්අවරිය ආදී ද්‍රව්‍ය හා ශාක උපකාරයෙන් සකසාගෙන තිබේ.චිත්‍රවල ආරක්ෂාවට ආලේපකළ වයිකි සාදා තිබෙන්නේ දොරණ තෙල් සහ දුම්මල කුඩු මිශ්‍ර කර ගැනීමෙනි.