කෘතගුණ මහා සෑය
සිංහලරාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටන
ලන්දේසීන්ගේ කන්ද උඩරට ආක්‍රමණය පිළිබඳ සබරගමුවේ පහත සදහන් නායකයෝ එවකට ලක්රජය කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජුට සැළකර ඌව දිසාවෙන් නිලධාරීන් තිදෙනෙකු සහිත යුද්ධ සේනාවකුත් සබරගමුවෙන් එකතු කරගත් 5500 පමණ වූ යුද්ධ සේනාවකුත් කැටිව මහනුවරින් පිටත්ව ගලිගමුව, රත්නපුර, අම්මඩුව, තඹගමුව, මඩුවන්වෙල, මිද්දෙණිය හරහා මුල්කිරිගලට ගොස් එහි සිට ප්‍රකාශයට පත්කරන ලද මහනුවර මහ වාසලින් නිකුත් කර තිබූ රාජ ආඥාවෙහි වූ පරිදි තෝරාගත් තිස්දහසක් පමණ වූ රෝහණ පුත්‍රයන්ගේද සහය ඇතුව 1760 මාර්තු 15 දින ආරම්භ කළ සටනින් හක්මණ, තංගල්ල, අකුරැස්ස, මාරකඩේ, ගන්දර, කටුවන සහ මාතර බලකොටු 1761 මාර්තු 24 දිනෙන් සියල්ල සුණුවිසුණු කර දමා දකුණු ලක පුරා විසිරී සිටි මිසදිටු ලන්දේසීන් හා ඔවුන්ගේ අනුගාමිකයනුත් විනාශකර සටන් අවසන් යුද්ධ හමුදාවන් සමග ජයපැන් පානය කරමින් පස්මස් පසලොස් දිනක් දකුණු ලක පාලනය කළ අපේ යුද්ධ නායකයෝ එහි ඉදිරි පාලන කටයුතු මහනුවර මහ වාසලින් පත්කර එවූ අභිනව දිශාවේ තැනට පැවරූ බැව් ඩතිහාස පොතේ දැක්වෙයි.(කටුවන මාතර හටන ග්‍රන්ථයේ 4 සහ 65 පිටු)
ඇමටියාගොඩ ගුණතිලක අලහකෝන් මහ මුදලිතුමා |
කිරිඇල්ලේ ජයසුන්දර මහ මුදලිතුමා |
උඩගම රාජපක්ෂ මහ මුදලිතුමා |
බුළුවානේ ඒකනායක මහ මුදලිතුමා |
පනානේ වික්‍රම දශනායක නවරත්න මහ මුදලිතුමා |
කොලොන්නේ රත්නායක මහ මුදලිතුමා |
අකුරම් මාටුවාගල අභයනායක කුරුප්පු මහ මුදලිතුමා |
මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මහ මුදලිතුමා |
පනානේ දශනායක මහ මුදලිතුමා |
පුවක්ගස් අරාවේ විජයකෝන් මහ මුදලිතුමා |
කලවානේ ධර්මාලංකාර අතපත්තු මහ මුදලිතුමා |
වෙලගේ වීරසිංහ මහ මුදලිතුමා |
මාකදුරේ ධර්මාලංකාර සෙනෙවිරත්න පන්ඩිත මහ මුදලිතුමා |