ගොඩකවෙල, ශ්‍රී ලංකා.

මෙය ධාන්ය වර්ග ආරක්ෂා කාරීව කල්තබා ගැනීමට උපකාර කර ගන්නා ගෘහස්ථ ඈතුල් අටුවකි . ධාන්ය වර්ග වෙන් වෙන් වශයෙන් ගබඩා කර ගැනීමට කාමර සහිත පෙට්ටියක් ද සහිත අවස්ථා ද රහිත අවස්ථා ද තිබේ. පෙට්ටි රහිත අවස්ථා වලදී පොල් කොළ, හෝ පන් , වලින් විශාල මලු සාදා අටුව මත තබා ඒතුල ධාන්ය වර්ග ගබඩා කර තබයි. අතීත ගෘහස්ථ අටුව යට ලිප බැදීම සිදු කර ඇත. එමගින් දුම් ගැසීමත් හේතුවෙන් කෘමි උවදුරු දුරු කිරීම ද අටුව තුලට උෂ්ණත්වය ලබාගෙන ධාන්ය වර්ග වලට විජලනය කිරීමක් පවත්වා ගෙන තිබේ. එමගින් ඇතැම් ආහාර වර්ග වේලා ගැනීමක් සිදු කර ගෙන තිබේ. ඒ ආශ්රිත ආහාර ලෙස කොස් අටුකොස්, සහ දෙල් අටුකොස් විශේෂ වේ.

බිත්ති බැඳීම සිදු කරන විටම බිත්තියේ යම් උසකට විශාල දැව කදන් ඉදිරියට නෙරා එන ලෙස ගෙන ඉදිරි කෙලවර බිම සිට ඉහලට දැව කදන් රදවා ඒ මත ශක්තිමත් දැව ලෑලි අතුරා ගෘහස්ථ අටුව සාදා ගනී. පිටතට නෙරන කෙළවර මුවහත් නොවන ලෙස රවුම් හැඩතල යොදා ඇත්තේ අනතුරු අවම කර ගැනීමටය. විවිධ ධාන්ය වර්ග ගබඩා කළද පොදුවේ වී අටුව ලෙසට සාමාන්යයෙන් හදුන්වයි.

නිවසින් පිටත පිට අටුව සහිත මුළුතැන්ගෙය ක් ද තිබුන අතර

වෙනම ටැම් පිට නිවාස ලෙස නිවාස අටුව ඉදිකිරීම් ද ( විශාල ටැම් ගල් මත විශාල දැව කදන් තිරස් අතට තබා ඒ මත ලෑලි අතුරා ) ඉතාමත් ලස්සන නිර්මාණද ඒ අතර වෙයි. වැඩවසම් යුගයේදී ඇතුල් අටුව. සහ පිට අටු භාවිතය සුලභව සිදු වූවකි. එදා එයට හේතු වී ඇත්තේ වලව්වක කෑම පිළියෙල කිරීම සිදු කළ ක්රම දෙකකි. එය

අඩුක්කුව හා පිටවන්නය පිලියෙල කිරීම ලෙසය අඩුක්කුව පිලියෙල වූයේ වලව් රදල පිරිසට පමණි. එම අඩුක්කු කෑමට ගන්නා ගෘහ කොටස අඩුක්කු ගේ ලෙස හඳුන්වයි. අඩුක්කු පිලියෙල කිරීමට ධාන්ය වර්ග ලබාගනු ලැබුවේ. ඇතුල් අටුවෙනි. එසේම පිලියෙල කිරීම සිදු කරනු ලැබුවේ ඇතුළු මුළුතැන්ගෙය තුලයි.

පිට වන්නය පිලියෙල කලේ සේවකයන් ට සහ

අවශේෂ උදවිය සදහාය ඒ සදහා ධාන්ය වර්ග ලබාගනු ලැබුවේ පිට අටු වෙනි. පිලියෙල කරනු ලැබුවේ පිට මුළුතැන්ගෙය තුළයි.

මෙම ක්රියාවලිය 1870 නොම්මර 04 දරණ ආඥා පනතේ ප්රවේණි පංගු සහ කළයුතු වැඩ ලේඛනයෙන් පාලනයවන උඩ රට පලාත් වලට අයත් දේවාල 31 ක අදටද ක්රියාත්මක වන්නකි.

නමුත් බොහෝ දේවාලවල මෙම ක්රමය වර්ජනය කරති. හේතුව ලෙසට එම දේවාල වැසියන් දක්වන්නේ අතීතයේ මෙන් නොව ක්රමයට නොගැලපෙන නිළමෙලාගේ ආගමනයක් වර්ථමානයේදී සිදුව ඇති නිසා වෙන් බවයි. අතීත පුරාණ පන්සල් කීපයකත්, වලව් කීපයකත් තවමත් මුල් පිහිටීම නොවෙනස්ව දැකගත හැක.

මීටත් අමතරව වගා කන්නය අවසායේ බැත ( වී ) රාජ භාණ්ඩාගාරයට රැගෙන යන තෙක් කුඹුරු කටයුතු අවසන් වනතෙක් ගබඩා කර ගැනීමට, ටැම් පිට අටු අතීතයේදී රජ මාලිගාව සතුව දිවයින පුරා ගම්, නියංගම් වලද, විහාර දේවාල සතුව විහාර දේවාල නින්දගම් තුලද පවත්වා ගෙන ගොස් ඇත. දළදා මාළිගාව සතු අටුව පල්ලෙකැලේ දී අදද දැක ගත හැකිය. විහාර දේවාල සතුව තිබෙන අටුවලින් වී ලබා ගැනීමේ දී පුද සිරිත් සිදු කරන කෙම් පහන් විදි සමූහයකින්ද යුක්ත අතර අතීතයේ සිට අද දක්වාම පවතී. මීට අයත් බෙර පද, කවි ගායනා, වීදි සැනකෙළි, තවමත් අඩු පාඩු සහිතව වුවත් ඇතැම් පලාත් වල පවත්වාගෙන යාම ජාතියේ වාසනාවකි. ඇතැම් අටුවල ටැම් ගල් පමනක් අද ඉතිරිව තිබේ. උදාහරණයක් ලෙස පැල්මඩුල්ලට නුදුරු හුණුවල වෙල්යායේ ඇති. අටුව එකකි.

අටුවෙන් ලබා ගන්නා මුල් කොටස දෙවියන්ට බුදුන්ට පූජා කිරීම අතීත සම්ප්රදායකි. ඈත අතීතයේ ඉර ගල මත සහ සද ගල මත තබා ඉර දෙවියන් සහ සද දෙවියන් වන්දනා කළ බවත් මූලාශ්ර තහවුරු කරයි. ඉරගල සහ සදගල තිබූ ස්ථාන කීපයක් හදුනාගෙන ඇති අතර උදාහරණයක් ලෙස බලන්ගොඩ කූරගල ද එක් ස්ථානයකි.

අතීතයේ අටුව නිර්මාණයට වඩා දියුණු තාක්ෂණික ක්රම වර්ථමානයේ භාවිතයට ගැනීම හේතුවෙන් අටුව භාවිතය ක්රමයෙන් පහවෙමින් පවතී.

අටුව කඩා පුටුව සෑදුවා වගේ යන්න, අටු කොටු, අටු කොටු පිරේවා, අටුව ආශ්රිතව ජනවහරේ එන කියමන් ද පවතී.

ඇමටියගොඩ වලව්වේ පැරණි අටුවක්.

අටු කද බිත්තියට ගිල්වා ඇති අයුරු.

අදටත් ඉතිරිව ඇති ටැම් පිට දැව අටුවක්.

අදටත් ඉතිරිව ඇති ටැම් පිට දැව අටුවක්.

අදටත් ඉතිරිව ඇති ටැම් පිට  දැව අටුවක්.

අදටත් ඉතිරිව ඇති  පිටත  අටුවක්.

අදටත් ඉතිරිව ඇති ටැම් පිට දැව අටුවක්.

අදටත් ඉතිරිව ඇති ටැම් පිට දැව අටුවක්.

අදටත් ඉතිරිව ඇති ටැම් පිට දැව අටුවක්.

අදටත් ඉතිරිව ඇති ටැම් පිට දැව අටුවක්.

1870 අංක 04 පනතේ පිටපතක්.

1870 අංක 04 පනතේ පිටපතක්.