ගොඩකවෙල, ශ්‍රී ලංකා.

මෙම වචන සහ උපකරණ අද දක්වාම නොයෙක් පරිවර්තනයන්ට භාජනය වෙමින් පවතී. මෙම වචන සිංහල වචන වෙයි. මෙහි පහත දක්වන මුරිච්චි, තිරිංග වෘර්දු භාෂාවෙන් කැඩී ආවකි.

අවුල් පාසුව.

මෙය දොරට සවිකරනු ලබන කොටස දොරවල් සදහා දොරේ පලල දිගට සියලු ලෑලි සම්බන්ධ වන ලෙසට අගල් දෙකක් හෝ තුනක් ගනකමට පැතලි දිග ඊ තලයක හැඩයට යකඩ භාවිතයෙන් සැකසූවකි. එහි සිදුරු කීපයක් ද එයට සමගාමීව හිඩැස් නොමැති වනසේ වෑද්දුම් කර තද කර සකසා ඇති දොරට පසාරු වනසේ සිදුරු විද ගිනියම් කරන ලද හිස පට්ටම් කද රවුම් කම්මල් ඇන ඒ තුලින් යවා මතුවන කෙලවර කොටස තලාදමා ක්ෂණිකව ජාලයේ ගිල්වා එමගින් ඇතිවන ස්වාභාවික ප්රසාරණය භාවිතයෙන් තද කරගෙන සවි කරන්නකි. මෙහි උලුවස්සට සවිවන කොටසට හිස රවුම්, කද කොටස කෙළවරට යන විට පැතලි සහ සිහින් වන සේ සැකසූ කම්මල් යකඩ ඇන ගිනියම් කර උලුවස්සේ සිදුරු තුලට තෙරපී යනසේ තදකර ජලය භාවිතයට ගෙන පෙර පරිදි ප්රසාරණය උපකාරයෙන් තද වීමකට ලක්කර උළුවස්සට ශක්තිමත්ව දොර සවිකර ගනී.

අගුල.

යතුරු වලට අමතරව දොර ජනේල ඇතුලතින් වසා ගැනීමට භාවිතා කර ඇති අතර යකඩ සහ ලී අගුල් භාවිතා කර ඇත. දොර පොල්ල (කිතුල් ලී) භාවිතය බහුලව භාවිතා කරනු ලබයි. පිටතින් අගුල් දැමීමට ශක්තිමත් හරස් ලී දෙකක් ආදාරයෙන් තිරිංග ක්රමයට තදකර දොර ජනෙල් වසා තැබූ අවස්ථා අතීතම ක්රම වෙයි. මීට යොදා ගත් කම්මල් කුඩිම්බි යකඩ ඇන අදද උළුවස්සට එකතු කර ඇති අවස්ථා දැකගත හැක. ඕලන්ද ගෘහ නිර්මාණයට අනුව පිටතින් අගුල් දමන අවස්ථාව විශේෂ වේ. එය කුඩා ගනකම වානේ කොටසක ආදාරයෙන් සැකසූවකි. වැසීමේදී පිටතින් තද කිරීමෙන් ඇතුලත වානේ ඇන කොටසට උළුවහු කද කොටසට ලංව අගුල වැටීමට සැලැස්වීමෙන් ඉතාමත් ශක්තිමත් ලෙස වසාගෙන ඇත. නැවත විවෘත කිරීමට අනිවාර්යයෙන්ම ඇතුලතින්ම පමණක් සිදු කළ යුතුය. ඕලන්ද, ලන්දේසි, ඉන්ග්රීසි, යුග වලදී ඉබි යතුරු භාවිතය ආරම්භ වී ඇත. පැරණි, දේවාල, පන්සල්, සහ අතීත වලව් වල භාවිතා වුවද අද දක්වාම මෙම තාක්ෂණයන්හී මුල් පිහිටීම ඒ අයුරින්ම පිහිටා ඇත්තේ ඉතාමත් සුළු වශයෙනි. පුරාවිද්යා ප්රතිසංස්කරණ අවස්ථා වලදී පහසුවට ඇන මුරිච්චි බාවිතය අතිශයින්ම කනගාටුවට කරුණකි.

ඕලන්ද අගුල ගාල්ල කොටුවේ දේවස්ථානයකත්, ගොඩනැගිලි දෙකකත්, මාතර කොටුවේ ඕලන්ද දේවස්ථානයෙත්, කොළඹ කොටුවේ ඕලන්ද කෞතුකාගාර ගොඩනැගිල්ලේත්, මෙම ස්ථානයේත් පමණක් අදටත් දැකගත හැක. එයිනුත් ගාල්ල කොටුවේ එක් ගෘහයක් විකිණීමේ දී මෙම අගුල් ගලවා දමා ඇති බව දැන ගන්නට ඇත.

මෙම අගුල් නිර්මාණයේදී යකඩ සහ පිත්තල භාවිතා කර ඇත.