ගොඩකවෙල, ශ්‍රී ලංකා.

උඩරට රාජධානියේ ආරක්ෂාවට ප්‍රාදේශීය පාලකයන් හට එදා රාජුගේ නියෝගයන් තුළට ඇතුලත් ආරක්ෂක උපක්‍රම බොහොමයක් විය.

කටු දොරටු, මුරපොල, මරු කපොල්ල, අගල , ගල් පහුර හා එහි ගල් උගුල් කූඤ්ඤය.

ආරක්ෂක සේවාවන් සඳහා පත්කර තිබූ නිළදාරීන් හංගෙරිය, හංගෙරි රාල, කටුපුල්ලේ, කටු පුල්ලේ රාල ලෙස හඳුන්වා තිබේ. අධිරාජ්‍ය වාදී සමයේ ලස්කිරිඤ්ඤා ලෙසටද හදුන්වා තිබේ. රජ දවස මෙම රාජකාරිය ඒ ඒ ප්‍රදේශවල ශක්තිමත් පුරුෂයන් ලවා ඌලියන් රාජකාරිය ලෙසට සිදු කරවාගෙ ඇත.

කටු පුල්ලේ ගෙදර, හංගෙරි ගෙදර, යනු එකල ඔවුන් පදිංචි නිවාස හැදුන්වූ නම් වෙයි.

හේවායා සහ හේවාගම්,හේවා ගෙදර.

රජුට අයත් ආරක්ෂකයන් හා ඔවුන්ගේ නිවාස වෙයි. හේවාගම් ඔවුන්ට රජු ප්‍රධාන කළ ගම් වෙයි. උදාහරණයක් ලෙසට ඇමටියගොඩ නින්ද ගමට මායිම්ව හේවාගමක් ද වෙයි.

කටු දොරටු,

කටු අතු, කටු පදුරු,කටුලී උපකාරී කරගෙන එකට යාකොට වෙලා දොරක්සේ සාදා ඇත. අවශ්‍ය තාවය අනුව උස් පහත් කර හැකි පරිදි කබයක ආදාරයෙන් හරස් පොල්ලක බැද ඇත.මෙවැනි කටු දොරටු තුලින් අලි ඇතුන්ට පවා ගමන් කරන්නට හැකි තරම් දොරටු විශාල බැව් රොබට් නොක්ස් දිනපොතද දක්වා ඇත.

මුරපොල,

පනාමුර, පොල්ල මුර, මොලමුර, තඹගමු කඩවත මුරපොල. අතීත සබරගමුවේ මුරපොලවල් වෙයි. මෙයින් තඹගමු කඩවත මුරපොල පිළිබඳ කැටකිරිලි සන්දේශයේ එන කාව්‍යයක් ද වෙයි.

මරුකපොල්ල විසකුරු සතුන්, සුනඛයන්, කොටි,වලස් හා දරුණු අලි, ඇතුන් යොදා ඉතාමත් අනතුරු කාරීව නිර්මාණය කර තිබේ.

අගල්,

කෝරල ඉම් වල විශාල අගල් ආගාධයක් සහිත භූමි තුළ කලු ගලින් නිර්මාණය කොට ඇත.

ගල් පහුර හා එහි ගල් උගුල් කූඤ්ඤය.

අධික බරින් යුතු විශාල කලුගල් ඉහළ මතුපිටට සිටිනසේ කළුගල් විශේෂ ක්‍රමයකට ගල් සක්ක ආධාරයෙන් පමණක් ගල් උගුලකට බරවනසේ අතුරා අටවාගනු ලැබූවකි. සතුරු ආක්‍රමණික දී මෙහි ගල් උගුලේ කූඤ්ඤය ගල්වා දමා මාර්ග බාධාවක් ඇති කිරීම මෙහි අරමුණයි. එම බාධාව උපකාරයෙන් ඒ අසල වෘක්ෂ මත සිට දුනු හේවායන් යොදවා සතුරු ආක්‍රමණිකයන් මර්දනය කිරීම සිදු කරයි.මෙම ගල් කූඤ්ඤය පිළිබඳ රහස දන්නේ අදාල ප්‍රාදේශීය පාලකයා පමණි.

මෙහි දැක්වෙන්නේ තඹගමු කඩවත මුරපොල අසල පිහිටි තුන්තොට පිහිටා තිබූ ඇමටියගොඩ මුදලි බාරයේ තිබූ අටකලන් කොරලයට අයත් ගල් පහුරේ කූඤ්ඤ ගලයි. එසේම ඇමටියගොඩ මුදලිට ශක්තිමත් තරුණයින් හතර දෙනෙකුගේ රාජකාරි ආරක්ෂාවක් තිබූ අතර ඒ උදවියට ඇමටියගොඩ නින්ද ගමේ රාජකාරි ඉඩම් වෙන් කිරීම් පිළිබඳ ලේඛනයක්ද වෙයි.

කන්ද උඩරට රාජධානියට සබරගමුව හරහා එකල පැවති මාර්ගය.

සබරගමුවේ එවකට සිටි පාලකයන්ගේ නාම ලේඛනය. පහත වෙයි.

ගල් උගුල් කූඤ්ඤය

ගල් උගුල් කූඤ්ඤය.

පූජ්‍ය  කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්ගේ කටුවන මාතර සටන නම් ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසකි.

පූජ්‍ය  කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්ගේ කටුවන මාතර සටන නම් ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසකි.

පූජ්‍ය  කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්ගේ කටුවන මාතර සටන නම් ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසකි,

කන්ද උඩරට රාජධානියට සබරගමුව හරහා එකල පැවති මාර්ගය.

පූජ්‍ය  කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්ගේ කටුවන මාතර සටන නම් ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසකි,

කන්ද උඩරට රාජධානිය සමයේ සබරගමුවේ එකල රජවාසල රාජ්‍ය නිලධාරීන්ගේ නාම ලේඛනය.

මෙම මුරපොල පිළිබඳව  කොලොන්න කෝරලේ දොරපනේ සිටි මුකවෙටි අතපත්තු නම් පඩිවරයා විසින් රචිත කැටකිරිලි සන්දේශයේ එන කාව්‍යයක් ( ජාතික කෞතුකාගාරය සතුව සම්පූර්ණ කාව්‍යයේ  පිටපතක් තිබේ.)