ඇමටියගොඩ මුදලි “ඉණ බැදි යන්ත්‍රය.” ( බද පටියේ )
මාතර. -. කටුවන සටනේ සිහිවටනයක්වූ,
අංක 6, “ඉණ බැදි යන්ත්‍රය.” ( බද පටියේ )
කොටස් පහකින් යුක්ත කර කොළ මත ඉතාමත් ක්ෂූක්ශමව නිර්මාණය කරන ලද්දකි. කරකොළ අතර කරකොළ නූල් භාවිතා කර අමුණා තනි කොළයක් වන ලෙසට නවා ඉණ බැදි පටිය තුලට බහා යුද්ධයේදී. ආරක්ෂකයක් ලෙසට භාවිතා කර ඇත. අතීතයේදී යන්ත්‍ර මන්ත්‍ර කෙරේ දැඩි විශ්වාසයක් පැරැන්නන් අතර පැවතීයාසේ වර්තමානයේ දී ද සමහරෙක් දැඩිසේ විශ්වාස කරනු ලබයි.
සාමාන්‍යයෙන් යන්ත්‍රය අක්ෂර හෝ මන්ත්‍රයක්, සහ හදුනා නොගත් කටු රූපයක් සටහන්කර ජීවම් කිරීමකට ලක් කරනු ලැබුවේ නමුත් මෙහිදී සිදුව ඇත්තේ දේව රූප හා ඊට සමව නාග රූපද මැදිවන ලෙසට මහා බ්‍රහ්මයාද සිතුවම් කර අදාල පුද්ගලයා ගේ ජන්ම පත්‍රයට අනුව කාල හෝරාව අල්ලා පණ පිහිටුවා පක්ෂියා රජ වන තුරු ජීවම් කර කෙම් පහන් විදි සමූහයකින්ද චාරිත්‍ර සිදු කිරීමකින් බල පිහිටුවාලීමෙන් පසු ඉණ පැළදීමයි.
මෙම යන්ත්‍රය ජීවම් කිරීමේදී උල්පත් ජලය ආරම්භයක වට තිර ඇද ජලය මත පා තබා සිදු කර ඇති බවත් විශේෂයින්ම මෙම මන්ත්‍ර ක්‍රම හා විදි මුඛ පරම්පරා ගතව පැවතිම හේතුවෙන් පරම්පරා අවසන්වීමත්, නොසලකා හැරීමත් හේතුවෙන් වර්ථමානයේදී බැහැරවී ඇත.
බ්‍රහ්ම යන්ත්‍රය, නාග යන්ත්‍රය, ඛ්රහ්මනාගදේව යන්ත්‍රය, සහ පක්ශි යන්ත්‍රය ලෙසට නම් වලින් හැදින්වුද මෙයට නිසි නමකින් හඳුන්වන බවට තොරතුරු නොමැත.