ගොඩකවෙල, ශ්‍රී ලංකා.

විශාල මැටි වලලු භාවිතයෙන් අනුරාධපුර, පොලොන්නරු, යුගවල සිටම භාවිතා වී ඇති ලීං විශේෂයකි. ( ඌරකැට වල්ල ලෙසට හදුන්වයි ) මෙම මැටි වලලු නිර්මාණය කුඹල් කුලයේ නිර්මාණයක් ලෙස මූලාශ්‍ර බොහොමයකම හමු වෙන අතර කුඹල් කුළය ශ්‍රීමහා බෝධිය සමග ලංකාවට පැමිණි දහ අට කුලයන්ගෙන් එක් කුළයක් බවද මූලාශ්‍රවල දක්වයි.

උඩරට රාජධානිය සමයේ ප්‍රවේණි සැලැස්මට බුක්ති විදීමට නින්ද ගම් ලැබූවන් සදහා කුඹල් කුලයේ උදවිය අදාල නින්ද ගමේ දේපළ භුක්ති විදීම වෙනුවෙන් රාජකාරියක් ලෙස වසරක් පාසා මැටි භාණ්ඩ සැපයීමට අමතරව පතුල නොමැති විශාල ( “වළදක”/”කොරහක” ) අයුරු නිර්මාණක් කර පිරිසිදු ජල උල්පතකට යොදා ලිද සකස්කර දීමද සිදු කර ඇත.මඩුවන්වල වලව්වේ සහ

ඇමටියගොඩ වලව්ව වෙනුවෙන් සාදන ලද ඌර කැටය නැමති ලිං වර්තමනයේ දීද පවතී. විහාර දේවාල සදහා අදාල නින්ද ගමේ වාර්ශික කුඹල් පෙරහැර මංගල්‍යය රාජකාරියට නැවුම් මැටි භාණ්ඩ සැපයීමට අමතරව මෙවැනි ලිං සැකසිමද සිදු කර ඇත. දේ’වාල සදහා භාවිතා කරන ලද ලිං සදහා දෙවියන්නේ ලිද ලෙස නම් කර ඇත. පැරණි දේවාල කීපයකම වර්තමානයේදීද දැක ගත හැක. මෙහි කුඹල් කර්මාන්තයට අනුව එම පරපුරුවලට අදාළ රාජකාරී නින්ද ගමේ නාමයන්ද ලබාදී ඇත. රත්නපුර බටුගෙදර සහ ගොඩකවෙල ඇමටියගොඩ ක්‍රමයෙන් නම්, ගම්, වාසකම්, වියකීයන එවැනි උදාහරණ නින්ද ගම් දෙකකි.

අතීත වලව් විවාහ නීති සදහා දඩුවම් ලෙස හදුන්වන තොවිල් තතහන්චිට අනුව මෙම ඌරකැට ලිදේ නෑමද අදාල දඩුවමේ එක් කොටසක් ලෙස මූලාශ්‍ර වල සදහන්ව ඇත.

අතීත ඌරකැට වළලු ලිදක පැති කඩක රූප රාමුවක්. ( අනුරාධපුර යුගය )

අතීත ඌරකැට වළලු ලිදක නටබුන්. ( අනුරාධපුර යුගය )

ඇමටියගොඩ මුදලිතුමාට කුඹල් කුලයේ උදවිය නින්ද ගමේ රාජකාරිය සදහා සාදා දී ඇති ඌරා කැට ලිදේ ඌරා කැටයේ අදට දැකිය හැකි පැතිකඩක රූප රාමුවක්.