ගොඩකවෙල, ශ්‍රී ලංකා.

එළිපත්ත, උඩලිපත හෙවත් කරුබිත. සහ බිත්ති අල්මාරිය.

අතීත රජමාලිගා, අතීත රජමහාවිහාර, අතීත වලව් වල ප්රධාන අංගයන් වෙයි. රජුගෙන් ලද අනු බලයකින් ගොඩනැංවූ ගෘහයකට ඇතුළුගෙය සහ පිටගෙය (අංගනය, ඇතුල් අංගනය, පිටක්කනය) එක්කර ගැනීම, බිත්ති හුණු පිලියම් කිරිම, මැටි උළු සෙවිලි කිරීම, වරිච්චි බිත්ති හෝ ගල් බිත්ති බැඳීම, භූමි අභ්යන්තරය කැනීම්කර කැසිකිළි ගල් වැසිකිලියක් තනා ගැනීම, දිය නෑමට ඌරකැටයක් භාවිතයට තනා ගැනීම, දොර ජනෙල් සදහා උළුඅහු භාවිතය වැඩවසම් යුගයේ වරප්රසාද ලෙසට හදුන්වයි.

එළිපත්ත.

සෑම උළුවස්සකම පාකොටසට සවිකරනු ලබන හරස් ලීයකි. පුර සහ අව බලා දැවකපා උළුඅහු කඳන් ජාලයේ ගිල්වා උඩ සහ යට හදුනා ගෙන පහළ කොටසට තිරස් අතට සවිකරනු ලබන ගණකම් ලී කොටසකි.

උඩලිපත හෙවත් කරුබිත.

මෙය උළුඅස්සේ ඉහළ කොටසට ඉහලින් උළුඅස්සේ කදන් දෙකට දෙපසින් බදින බිත්ති දෙකට දෙකෙලවර රැදෙන පරිදි අංශක 30 පමන ඇලයට සවිකර ඒමත සිට ඉදිරි ඉදිකිරිම්

සිදුකරයි. වරිච්චි බිත්ති නම් වරිච්චි කනු දෙකට සමගාමීව තබනු ලබන උළුඅසු කදන් දෙකට සවිවන පරිදි සකසනු ලබයි. ජනේල සදහාද මෙම ක්රමයම භාවිතා කරයි.

බිත්ති අල්මාරිය.

මෙයද ඉහත කී උඩලිපත සහ එලිපත සවිකරන ක්රමය අනුගමනය කරමින් බිත්ති තුලට ගිල්වා සවිකර ඇත. මෙහි විශේෂත්වය වන්නේ හතරැස් ලෙසට සවිකර ගැනීම සඳහා අමතර දැව කදන් දෙකක් ඉහළට සහ පහලට දෙකෙලවර බිත්ති වලට සවිවන සේ සවිකර ගැනීමයි. මෙමගින් බිත්ති ඉහළට බැදීමේදී බර දරා සිටීමට උපකාර කර ගැනීම සඳහායි.

එළිපත සහිත උළු වස්ස.

එළිපත.

බිත්ති අල්මාරිය.

ලිංටල් සදහා දැව ලෑලි භාවිතා කර ඇති අයුරු.