“ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ”
යන්න ජනවහරට එක්වූයේ පෘතුගීසීන් පළවා හැරීමට ලන්දේසීන්ගේ සහය පැතීමට උඩරට රජුට සිදු වීමෙන් පසු
ලන්දේසීන් ගෙන් පෘතුගීසීන්ට වඩා අකටයුතු කම් සහ අයතු බලපෑම් ඇති වීම නිසාවෙනි.
ලන්දේසීන් පලවා හැරීමට සිංහල සේනාවක් විසින් සිදු කළ මාතර, තංගල්ල, අකුරැස්ස, මාරකඩේ, කටුවන, හක්මන, ගන්දර. සටන් පිලිබදව විදේශිකයන් තබා ඇති සටහන් හා ලේබණ. එකතුවක් ලේඛනාගාරය සතුව සංරක්ෂණය වෙයි. අති පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන් මහත් වෙහෙසක් දරමින් කියවීමේ පහසුවට සිංහලට පරිවර්තනය කර “කටුවන – මාතර” ග්රන්ථයට එම ලේඛන ඇතුළත් කර ඇත.
කතෘ අයිතිය තහවුරු වන පරිදි හා නාහිමියන්ට ගෞරව කරමින්, එම ග්‍රන්ථයෙන් උපුටාගත් කොටස් මෙම ව්‍යාපෘතියට ඒ අයුරින්ම එක් කරමි.
ප්‍රතිසංස්කරණයට පසු කටුවන කොටුවේ ඉදිරිපස පෙනුම.
ප්‍රතිසංස්කරණයට පසු කටුවන කොටුවේ ඇතුළතින් පිටත බැලීමේදී පෙනුම.
පැති බැම්මක්.
ප්‍රතිසංස්කරණයට පෙර කොටුවේ ප්‍රධාන උළුවසේ දකුණු පස ගල් පාදම.
ප්‍රතිසංස්කරණයට පෙර කොටුවේ ඉදිරිපස ප්‍රධාන උළුවසේ වම් පස ගල් පාදම
පැති බැම්මක්.