ගොඩකවෙල, ශ්‍රී ලංකා.

“කටුවන – මාතර හටන” ග්‍රන්ථ කතුවරයාවූ. පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල මහා නාහිමියන් විසින් ලංදේසි සටනේ විරුවන් ගැන දක්වා ඇති සටහනක මෙසේ දක්වයි. ( සටහන, පිටපත් කර ඒ අයුරින්ම පහතින් දැක්වේ. )

අද ඉතිරිව ඇති එහි ශේෂයන් අතර මඩුවන්වෙල වලව්වේ රාජකීය මුද්‍රාව සහිත උළු කැටය තබා ඉදිකළ ගෘහයේ කොටස් කීපයක් පමනක් දැක ගත හැකි අතර ඉදිරියට පෙනෙන ගොඩනැගිලි සියල්ලම, සිමෙන්ති, වැලි, ගඩොල් සහ වීදුරු භාවිතා කර 1870 වසරේදී ආරම්භ කර 1905 වසරේදී අවසන් කළ ගොඩනැගිලි වෙයි. පරපුර අවසන්ව ඇත. පෙර කී ඉතිරිව ඇති කොටස් කීපයද සමග දැනටත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරනු ලබයි.

මෙයින් ඇමටියගොඩ වලව්වේ රාජකීය මුද්‍රාව සහිත උළු කැටය තබා ඉදිකළ ගෘහයේ මුල් සැලැස්ම සහිත පාදමද ගෘහයද ඒ ආකාරයෙන්ම සංරක්ෂණය වෙමින් ගෘහයද පරපුරද අදටද ජීව මානව පවතී.

( අදටද ඉතිරිව ඇති, ලංදේසි සටනේ ජීවමාන සාධකයක් මෙම ගෘහය නිසාවෙන් මෙම ව්‍යාපෘතියට මා මෙම ස්ථානය පාදක කර ගතිමි. )

මෙසේ ඉදිකළ ගෘහයන්ගෙන් බලංගොඩට ආසන්න,වෙළගේ වීරසිංහ මහ මූදලි ජීවත්වූ වෙළගේ වීරසිංහ වලව්වේ පාදම සහිතව ඉතා සුළු කොටසක් අදද ඉතිරිව ඇති අතර එයද. ක්‍රමයෙන් අභාවයට යමින් පවතින බව දන්වන්නේ අතිශය කනගාටුවෙනි. රාජ වරප්‍රසාද ලෙසට ඉදිකළ තිබූ ඉතිරි සියලුම ගොඩනැගිලි විනාශ වී ඇත. ඇතැම් පරපුරු පමණක් නාමයන්ද සමග අදද පවතී.

මෙම සටනට ආගමික නායකත්වය ලබාදුන් වේහැල්ලේ ධම්ම දින්න නාහිමියන් උපන් මහ බෙත්මෙ වලව්ව නොහොත් බස්නායක වලව්ව සහ පරපුරද අද දක්වාම පවතින බව දක්වා මෙහිලා සටහනක් තබමි. මෙම වලව් අතර පසුකාලීන සම්බන්දයන්ද මෙහි සැකෙවින් විස්තර වෙයි.

( මෙම සටහන උපුටා ගත්තකි. )

මෙම සටහන ” පසුව එක්කරන අතිත සහ වැදගත් සටහන් ( 02).” කොටසට ඇතුළත් කර ඇත.

මඩුවන්වෙල වලව්වේ 1870 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර 1905 වසරේදී අවසන් කළ ඉදිරිපස පෙනුමේ ගොඩනැගිලි.

මඩුවන්වෙල වලව්වේ 1761 වසරේදී රාජකීය මුද්‍රාව සහිත උළු කැටය තබා ඉදිකළ ගෘහයේ අදට ඉතිරිව ඇති කොටසක්

1761 වසරේදී රාජකීය මුද්‍රාව තබා ඉදිකළ ඇමටියගොඩ වලව්වේ ඉදිරිපස පෙනුම.

ඇමටියගොඩ වලව්වේ ගුවනින් ගත් පිංතූරයක්.