වැඩවසම් පාලනය තුළ එදා පැවති හීනකුල යයි සම්මත කුල වලට දැමීම සහ හොරකම රාජ අපරාධයක් ලෙසද සලකා දඩුවම් පමුනවා ඇත. එහි සටහනක් ද පහත දැක්වේ.
යුද්ධයකදී රජුට විරුද්ධ වන්නන්ට මෙම දන්ඩනය අඩබෙර ගැසීමකින් ප්‍රකාශයට පත් කර ඇත.
උඩරට රාජධානිය තුල එදා විවාහයන් සදහා නීතිය වී තිබුනේ ස්ත්‍රිය හා පුරුෂයා තමන් ඇයිති කුලයෙන් ම පමණක් විවාහ විය යුතුය යන්නයි
නොයෙසේනම් ඔවුන්ට දැඩි දඩුවම්ද ලබාදී ඇත. මේ සම්බන්ධව ඉතිහාස පොත් කීපයකම විශාල ලෙස විග්‍රහයන් ඇත. රොබට් නොක්ස් විසින් ලියන ලද ග්‍රන්ථයේ මේ බව පැහැදිලිව දකිවා ඇති අතර එය විදේශීය ජාතිකයන් විසින් තබා ඇති සටහන් අතර ප්‍රමුඛස්ථානයක් ගනී. ඔහු දක්වන විශේෂත්වයක් වන්නේ, එම කුල, බවබෝග සම්පත්තියෙන් හෝ රාජ දත්ත තාන්න මාන්න වලින් හෝ ඇති වූ කුල නොව ලේ පරපුරෙන් බෙදුණු කුල බවයි.”කුලීනයෝ හා කුලහීනයෝ”. වංශවතුන්ට හාන්දුරුවෝ නමින් අමතයි.
කුලවත් ස්ත්‍රියක් හීනතල තරුණයෙකු හා විවාහ වුයේ නම් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. කුලවත් උදවිය එකතුව ඇය මරා දැමීම සිදු කරයි. නමුත් කුලවත් පිරිමින්ට හීන කුල ස්ත්‍රීන් සමඟ සංවාසයේ යෙදීමට බාධාවක් නැත. නමුත් විවාහ වීම තහනම්ය. යම් විදිහකට එවනිනක් සිදු උවහොත් ” දහම් පසක්නා”නම් නිලධාරියා ඔහුට දඩුවම් පමුනුවයි. එපමණක් ද නොව එම ස්ත්‍රියගේ කුලයටම ඔහු පන්නා දමයි.
උඩරට රාජධානිය තුල තිබූ කුල බේදය තුළ ඒ ඒ කුල යම් යම් කර්මාන්ත මූලිකව බිහිවූවක් බව පැහැදිලිය. එම ඒ ඒ කර්මාන්ත වල පාරම්පරිකව කාලයාගේ ඇවෑමෙන් අති දක්ෂ නිර්මාණ බිහි විය. දක්ෂයෝද, අති දක්ෂයෝ ද වී රාජ්‍ය වරප්‍රසාද ලබා ඇත. මෙය ජාන ශක්ක්‍රිය වීමක් ලෙසට පෙන්වා දෙන විද්‍යාර්ථීන් පසුකාලීනව කුල මිශ්‍ර වීම තුල බාල නිර්මාණ බිහිවීම ජාන විකෘති වීමක් ලෙස දක්වයි. පසු කාලීන පාලන බලයන්හී අවිධිමත් බාවයටද මෙම බලපෑම් බලපා ඇති බව මතයකි.( DNA)
රාජ උදහසට ලක් වීමක් පහත දැක්වේ. මෙය රොඩී රැහැට දැමීම වෙයි. අතීතයේ මොවුන්ගේ මුතුන් මිත්තෝ රජුට දඩමස් සැපයූ පිරිසක් වූහ. මේ අයට දඩමස් නොමැතිවූ අවස්ථාවක දඩමස් වෙනුවට රජුට මිනීමස් ලබාදීම හසුවීම හේතුවෙන් මරන දඬුවමට වැඩි දඩුවමක් දීම අරමුණු කර රොඩී කුළය නිර්මාණය කර සාමාන්‍ය සමාජයෙන් කරිරු ලෙස බැහැර කිරීමක් කළ ජනකොටසකි.
කටුවන – මාතර හටන ග්‍රන්ථයේ කොටසක් ( හොරකම රාජ අපරාධයක් ලෙසට සලකා ලබා දෙන ලද දඩුවමක් )
කටුවන – මාතර හටන ග්‍රන්ථයේ කොටසක්. ( හොරකම රාජ අපරාධයක් ලෙසට සලකා ලබා දෙන ලද දඩුවමක් )