ගොඩකවෙල, ශ්‍රී ලංකා.

දළදා වහන්සේ රාජ්‍ය සංකේතය කරගත් ” කන්ද උඩරට රාජධානිය තුල බුදු දහම”.

විමලධර්මසූරිය රජුගේ පටන් සාක්ෂි, සාධක, මූලාශ්‍ර , ලේඛණ, හා ග්‍රන්ථ බොහොමයක, සවිස්තරයන් තිබියදී මෙහි විග්‍රහයක් කළහොත් එය නිශ්පල කටයුත්තක් ලෙසට දකිමි. නමුත් මාගේ ව්‍යාපෘති අවශ්‍යතාවය පමණක් සිදු කරමි.

මේ සෑම රජ කෙනෙකුම බුදු දහමට අනුව සිය පාලනය ප්‍රාදේශීය පාලකයන් මෙහෙයවා පවත්වාගෙන ගොස් ඇති බව රටතුළ සිදු කර ඇති ක්‍රියා කාරකම් වලින්ම තහවුරු වෙයි.

තවද, “මිස දිටි” වූවන් සමග යුද්ධ කිරීමට පෙළඹී ඇත්තේද ආගම දහම ආරක්ෂා කිරීම මුල් කරගෙන වීමද, විශේෂත්වයකි.

ලන්දේසි සටනටද වැලිවිට සරණංකර සගරාජ නාහිමියන්ගේ අනුශාසනා පරිදි භික්ෂූන් වහන්සේලා 500 නමක් සමග වේහැල්ලේ ධම්ම දින්න නාහිමියන්ගේ නායකත්වය සහ සහභාගීත්වය ද වැදගත් වෙයි. සටන ජයග්‍රහණයේ අතුරු පලයන් ලෙසට වසර 171 පසු ශ්‍රීපාදස්ථානය බෞද්ධ අයිතියට ලැබීම, සියම් දේශයෙන් උපාලි හිමියන් වැඩමවා උපසම්පදා විනය කර්මය ඇති කිරීම මහනුවර සිව්මහ දේවාල වලට පමනක් සීමා වී තිබූ ඇසළ පෙරහැර මංගල්‍යයට දළදා කරඩුව වෙනූවට සධාතුක ධාතු කරඩුව එක්කර දළදා පෙරහැර මංගල්‍යය නැවත ආරම්භ කිරීම. කන්ද උඩරට රාජධානිය තුල ගව්වෙන් ගව්ව ටැම් පිට විහාර ඇති කිරීම. සටනේ මූලිකත්වය ලබා ප්‍රවේණි සැලැස්මට බුක්ති විදීමට නින්ද ගම් ලැබූ ප්‍රභූ රදළ උදවිය විසින් සිය නින්දගම් තුල විහාරාරාම කරවීම, බෙර දවුල් තම්මැට්ටම් කළාව පෝෂණය වීම, චිත්‍ර , මූර්ති, කැටයම් නිර්මාණ කලාවේ ප්‍රබෝධය, අධ්‍යාපන ඇතුළු සාහිත්‍ය ප්‍රබෝධය , ප්‍රධාන වෙයි.

මෙම තත්වයන් පිළිබඳ ගවේෂණ යක් සිදු කළ විදේශිකයෙකුවූ රොබට් නොක්ස් විසින් රචිත An Historical Relation Of The Island Of Ceylon.

නම් කෘතියේ “එදා හෙළ දිව”. නම් අනුවාදය සිදු කළ ඩේවිඩ් කරුණාරත්න ශූරීන්ගේ සටහන ඔහුගේ හිමිකම් ආරක්ෂා වීමට යටත්ව, ඒ අයුරින්ම දක්වන අතර මෙම වලව්වේ ආරක්ෂා වන පැරණි කෞතුක කිරිගරුඬ පිළිමය, ධාතු කරඩු, ( රීදී හා ලී ) ද , කටුවන – මාතර හටන ග්‍රන්ථයේ කාව්‍යයක්ද, රාජ නියෝගයක්ද, වේහැල්ලේ ධම්ම දින්න නාහිමියන්ගේ උපන් නිවසද පහත දැක්වේ.

පැරණි කිරිගරුඬ බෞද්ධ ප්‍රථිමාව

ලාක්ෂා යොදා ගෙන වර්ණ ගන්වා ඇති පැරණි දැව කරඩුව.

 

පැරණි රිදී ධාතු කරඩුව

දැව කරඩුව මත රිදී කරඩුව බහා ඇති අයුරු

සිතුවමකට නගා ඇති ඇහැලේපොළ නිළමෙතුමා

වේහැල්ලේ ධම්ම දින්න නාහිමියන් පිළිබඳ පුවත් පත් විග්‍රහයක්.

 

වේහැල්ලේ ධම්ම දින්න නාහිමියන් උපන් මහ බෙත්මෙ වලව්ව නොහොත් බස්නායක වලව්වේ ප්‍රධාන උළුවස්ස වර්ථමානයේ

වේහැල්ලේ ධම්ම දින්න නාහිමියන් උපන් මහ බෙත්මෙ වලව්ව නොහොත් බස්නායක වලව්ව ඉදිරිපස වර්ථමානයේ පෙනුම

කටුවන – මාතර හටන ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසක්

කටුවන – මාතර හටන ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසක්

කටුවන – මාතර හටන ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසක්

එදා හෙළ දිව ග්‍රන්ථයේ කොටසක්.

එදා හෙළ දිව ග්‍රන්ථයේ කොටසක්.

එදා හෙළ දිව ග්‍රන්ථයේ කොටසක්.

එදා හෙළ දිව ග්‍රන්ථයේ කොටසක්.

එදා හෙළ දිව ග්‍රන්ථයේ කොටසක්.

එදා හෙළ දිව ග්‍රන්ථයේ කොටසක්.

එදා හෙළ දිව ග්‍රන්ථයේ කොටසක්.