උඩරට රාජධානිය සමයේ සිට පැවත එන විග්‍රහයක් පමනක් ඇතුලත් කරමි. හේතුව ඊටත් පෙර පැවති තත්වයන් පිළිබඳ මූලාශ්‍ර තිබුනද, නිසියාකාර ලේඛන මාහට සොයා ගැනීමට ඇති අපහසුව නිසාවෙනි. මෙම විග්රහයට සාක්ෂි ලෙස ජාතික ලේඛනාගාරය සතු, උඩරට රාජධානිය සමයේ ලේකම් මිටිය, ඕලන්ද, ලංදේසි, ඉංග්‍රීසි, ලේඛන , දායක කර ගනිමි, මේහා සම්බන්ධ ඉතිහාස පොත් සහ මූලාශ්‍රද විශේෂයෙන් රොබට් නොක්ස් විසින් ලියන ලද,. “An Historical Relation Of The Island Of Ceylon. ගවේශනාත්මක කෘතියද පාදක කර ගතිමි. මාගේ මෙම විග්රහයට පාදක ස්ථානයට ගැලපෙන සියලුම කාරණා කෙටි සාර්ථක එකතුවක් ලෙස මා හදුනාගත් පුරා විද්‍යා ගවේශකයෙක්වූ එච්. එම්. ජයන්ත විජේරත්න මහතා රචිත රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කීපයක් ග්‍රන්ථයේ මීට අදාළ කොටස දක්වමි.