දේශප්‍රේමීන් දිවි පරදුවට තබා සටන් කරද්දී දේශද්‍රෝහීන් ආක්රමණිකයන්ගේ පැත්ත ගැනීම, ඊට කන්ද උඩරට රාජ නීතියට අනුව රාජ නියෝගය, ( අඩබෙර මගින් ප්‍රකාශයට පත් කර ඇත. ) දේශ ද්‍රෝහීන් එකල පැවති පහත් යයි සමාජගත කුල වලට දැමීම, ( ඉක්මන් වස්තු ලාභ අරමුණින් සිංහල සිරිත් අමතකකර ආක්‍රමණිකයන් ගේ ආර්ථික ක්‍රම අනුගමනයට පෙලබීම, ඔවුන්ගේ පාලනයට සහයෝගය දීම, තමා විසින් දියූණු කරගත් ආර්ථිකයෙන් එකල ඔවුන්ගේ රාජ්‍ය පොදු කටයුතු සදහා මුදල් හා දේපල පරිත්‍යාග කර නමිබුනාම තනතුරු ලබා ගැනීමත් සිදුව තිබේ. මේ සම්බන්ධයට උඩරට රාජ උදහසට ලක්ව පලා එන ලද උඩරට ගොවිකුල දෙතුන් දෙනෙක්ද වෙයි. දකුණු පළාතේ මෙම කුල විකාශනය, ඔවුනගේ නාමයන්ද වාසගම් ලෙසට ඈදාගෙනද බහුලව තිබේ.) ආදී පිළිබඳව “කටුවන මාතර. සටන ” කතුවරයාගේ ගවේශනාත්මක සටහන ඒ අයුරින්ම තබමි.
එකළ පැවති එම සමාජ පරිවර්තනයන්, විවාදයකට ඉඩදී මාගේ ව්‍යාපෘතියට මේ පිලිබඳව කිසිදු සටහනක් නොදක්වන්නේ, අතීතයේ දේශ ද්‍රෝහීන් වූවන්ගේ පරපුරු වලින් වර්තමානයේද පැවතෙන්නන්ට හා එම පරපුරුවලට සම්බන්ධ පරපරුවලටද, යම් මානසික පීඩනයක් ඇතිවන නිසාවෙනි.