ගොඩකවෙල, ශ්‍රී ලංකා.

අතීත කලාවන් අතර මෙහිදී දැකගත හැකි කැටයම් කළා විශාල. ප්රමාණයකි.

මිදිවැළ, කොහිල වැළ, ගොඩ මානෙල් , කජුමල සහ කජු පුහුලම්, පොල් මල , අන්නාසි මල, කාමරංගා ගෙඩි, සිප්පි කටුව, සහ ගල් බින්දුව, පලාපෙති, පිච්ච මල ආදී නිර්මාණයන්,

මෙම යුගයට පෙර සිට පැවත එන යුග හදුනා ගැනීමටද, පලාත් හදුනා ගැනීමටද. වැඩවසම් යුගයේ කුල හදුනා ගැනීමටද, වැව් අමුණු හදුනා ගැනීමද, නිධන් වස්තු හදුනා ගැනීමටද , අමතරව පන්සල්, දේවාල, වලව්, අම්බලම්, සදහා වෙන වෙනම කෑටයම්කලා නිර්මාණ පැවත ඇත.

මෙම කෑටයම්කලා නිර්මාණ තුළින් දෘෂ්ය භාශාව භවිතා කරනු ලබයි. ඒ අනුව ත්රාසය, භීතිය, ශාන්තිය, ප්රියමනාපය. සහ ගෞරවය පිලිඹිබු කිරීමද කෑටයම්කළා නිර්මාණ තුළින් ප්රදර්ශනය කර ඇත.

සින්හල රාජ්යය සමයේදී මෙම කෑටයම්කලාවන් තඹ, පිත්තල, රිදී, ලී ආදි සහ රන් නිර්මාන කර්මාන්ත සේ පවත්වා ගෙන ගොස් ඇත. ඒ ඒ අන්ශ වල පුද්ගල දක්ශතා අනුව කුල ලෙස බේදීම්ද නාමයන් ප්රදානයන්ද සිදුවී ඇති අතර අති දක්ශයන්ට ගම් බිම් ප්රධානයන් ගැන ඉතිහාස තොරතුරු දක්වයි. මෙම කර්මාන්තයන්ට අමතරව වෙනත් කර්මාන්තයන් සදහාද කුල බේදීම් හා එහි නිපුනයන්ට ගම් බිම් ප්රදානයන්ද නම්බු නාම ප්රදානයන්ද සිදුව ඇති අතර ( මේබව රොබට් නොක්ස් වාර් තා වල වඩාත් ලෙස විස්තර කර ඈත. ) පෘතිගීසි ලන්දේසි ඉන්ග්රිසී යුග වලද පහත රට මුහුදු බඩ ප්රදේශ වල විශාල ලෙස විකාශනයන් ඇත.