උඩරට රාජධානිය සමයේ කැසිකිළි ගල සහ වැසිකිලිය භාවිතාය සදහාද තහන්ච් තිබින. රජුට අයත් මහපොළ අභ්‍යන්තරය කැනීමට අවසර ලැබිය යුතුම විය. අනවසරයෙන් අභ්‍යන්තර කැණීම් කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් ලෙසට දක්වා ඇත. විහාරයකට හා දේවාල ඉන් නිදහස්ය.
ප්‍රවේණි සැලැස්මට බුක්ති විදීමට නින්ද ගම් ලැබූවන්ද නිදහස්ය. සාමාන්‍ය වැසියන් මෙම කෘත්‍ය සදහා වෙනත් ක්‍රම අනුගමනයක් එකල පැවත තිබින. උඩරට රාජධානියට පෙර සිටම මෙම නීති ක්‍රියාත්මකව තිබී ඇත.
ගනකම පැතලි දිග අඩි අට සහ පළල අඩි අට පමන ගල් ලෑල්ලක් සොයා එහි මධ්‍යයේ අගල්. දහයක් පමණ කුහරයක් සාදා ගැනීම ප්‍රධාන වෙයි. ජලය බැස යාමටද සියුම්ව ඇලය තබා ගල් ලෑල්ල මතම සකසා ඇත. මෙය “කැසිකිළි ගල” ලෙසට හදුන්වයි. මෙසේ සකසා ගත් ගල් ලෑල්ලට වඩා කුඩාවට පොළවේ වලක් කැණීම් කර කළුගල් භාවිතා කර පාදමක් සාදා ඒ මත මෙම ගල් ලෑල්ල තබා දොරටුවක් සහිතව සිව්පස ආවරණය වන පරිදි බිත්ති බැඳීම සිදු කර වහලක් ද ඊට උළු සෙවිලි කිරීමක්ද කර ගෘහයක් ලෙසට වැසිකිලිය සකසා ගෙන ඇත. අතීතයේදී සෑම විටම නිවසින් මීටර් සියයක් පමණ දුරින් මෙම ඉදිකිරීම සිදු කර ඇත.
රජුගේ මාලිගාවේ පමණක් ඇතුලත, මාලිගා සංකීර්ණයේ වෙනම ස්ථානයක් මේ සදහා තිබුන අතර එහි සේවයට කැසිකිළි රාල, සට්ටැඹි රාල , සහ ඇට්ටැඹි රාල , ලෙසට රාජකාරි තනතුරු තුනක් ද තිබී ඇත.
රජුගේ මාලිගාවේ සහ විහාර දේවාල සදහා කැසිකිළි ගල් සදහා ඉතාමත් අලංකාර නිර්මාණයන්ද තිබී ඇත. දැනට මෙම ගල් ඉතිරිව තිබෙන පැරණි වලව් කීපය තුල එවැනි අලංකාර නිර්මාණයන් මාහට හමු නොවීය. මෙහි දැක්වෙන්නේ මෙම වලව්වේ අතීතයේ දී පැවති ස්ථානයේම තිබූ කැසිකිළි ගලයි. ගෘහය නොමැතිව අනිකුත් නශ්ඨාව ශේෂයන් ද දැකගත හැකිය.
පසුවදනක් ලෙස දක්වතොත් අතීත රාජධානි බිද වැටීමට මෙම කැසිකිළි ගල් මූලික වූවාදැයි කුකුසක්ද හටගනී. මන්ද යත් සියලු සත්වයන්ගේ ස්වභාවික අවශ්‍යතාවයකට, විශේෂයෙන් අනිවාර්ය මනූශ්‍ය අයිති වාසිකමකට තහන්චි පනවා රජු ඇතුළු වරප්‍රසාද ලත් කීපදෙනෙකුට පමණක් මෙම කෘත්‍ය මේ අයුරින් බුක්ති විදීමට සැලැස්වීම මානුෂීය නොවන නිසාවෙනි. මේ රජාගෙන්, ” රෙන්න හුරිජ්ජ කරන්න වත් නිදහසක් නෑ නොවැ” යන්න සිංහල ජනවහරට එක්ව ඇත්තේ යන්න කුකුසට හේතුව නොවන්නේද ?