ගොඩකවෙල, ශ්‍රී ලංකා.

මාගල හැර ලාහ සහ කුරිණිය

වී මැණීමට භාවිතා කළ උපකරණ දෙකකි.

මෙයින් කුරුණිය බහුලව දැකගත හැකි අතර ලාහ දැක ගැනීම ඉතාමත්ම දුර්ලභය.

කුරුණිය, කට ප්‍රදේශය කුඩාවටත් බද ප්‍රදේශය රවුමට විශාල වත් වන අතර පාත්තරයක හැඩය ගනී.

ලාහා. කට ප්‍රදේශය පුළුල් විශාලවත් පිහිටන අතර

තැටියක ස්වරූපය ගනී.

“ලාහට ගෙම්බො අහුලනව වගේ” යන්න පැරණි කියමනෙන්ද ප්‍රකාශ වන්නේ එහි හැඩයයි.

කුරුණිය, ලාහ, සේරුව, හුන්ඩුව, කාර්තුව. බුසල, පෑල, අමුණ. ( ජල පහරක් හරස් කර වගාවට ජලය ලබා ගැනීමට සාදා ගන්නා හරස් බැම්මට ද අමුණ යන්නද භාවිතා කරයි. මේව මිනුම් උපකරණ වෙයි.

මාගල යනු වී වේලා ගැනීමට ගන්නා පැදුරට භාවිතා කරන නමකි. පන් හෝ පොල්කොළ වලින් සකසා ගත්තකි.

විහාර හා දේවාල සදහා අදටත් වලංගුව පවතින දේපල මැනීමට පෑල්, අමුණු, කුරුණි. ක්‍රමය වර්ථ මානයේද ඒ ඒ පළාත් අනුව මිණුම් දෙපාර්තමේන්තුව විසින් අක්කර, රෑඩ්, පර්චස්, ද හෙක්ටයාර් ලෙසට,

මිනුම් චක්‍රයක් ප්‍රකාශයට පත් කර 1870 අංක 04 දරණ ආඤා පනතට යටත් දේපල වර්ථ මානයේද මිණුම් කරණු ලබයි.

ප්‍රවේණි සැලැස්මට භුක්ති විදීමට නින්දගම් සදහා බිම් ප්‍රමාණය මැන ගැනීමට බාවිතා කළ අතීතම ක්‍රමය ලෙසට හදූන්වන්නේ “මුල් බිජු” ක්‍රමයයී. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් වැඩවසම් වලව් නින්දගම් සදහා ලබා දීතිබූ මෙම ක්‍රම අහෝසි විය.