ප්රවේනී සැලැස්මට දේපල භුක්ති වීදීම රජු ඇතුලු රජුගෙන් නින්ද ගම් ලැබුවන් ලබා සිටි වැඩවසම් භුක්තියයි.
නින්දගම් වැසියන් සිය රාජකාරිය අනුව එම දේපලේහි භාහිර කොටස භුක්ති විදමින් සේවය සැපයිය යුතුව තිබින.
එසේ තමන්ගේ කොටස තුල සතෙකු දඩයම් කලේ නම් පිරිමි සතෙක් නම් දකුණු පස්සා ගාතයද ගැහැණු සතෙකුගේ නම් ඉදිරි දකුණු ගාතයද කුරයක් සහිතව මද ගින්දරක තවු ගසා හෙවත් බාගෙට පුලුස්සා කටු කිතුල් කොල වල ඔතා වේවැලෙන් පිටතට නොපෙනෙන පරිදි වෙලුම් කර ගං ආනේ එල්ලා තබා සීනුව නාද කර ඒ බැව් දැන් වීම එදා පැවති නීතිය වේ.
මේ ගං ගාතය ලබා දීම වේ.
මේ ගං ආන සවි කර අත්තේ වලව්වක පිටක්කනේ කොටසේය.
වලව්වක නම් අසලින් ඇති කොටන ගේ සමගම ඇති මුලුතැන්ගෙට ගෙන ගොස් කැමට පිලියල කර වලව්ව තුලට ගැනීම සාමාන්ය සිරිතයි.
ගෝන අඟක මුල් කොටස අත්කරුවක් සේ සකසා කම්ම්ල් ඇනයකින් රැඳවීම සිදු කරයි. කම්මල් ඇනය යනු පට්ටම් පැතලි හිසක් සහිත අග කොටස කෙලවරට සිහින් වෙන්නනට තලා ගත් උලකි.
ආන නම් වචනය හැඳි එල්ලීමට හැඳි ආන ලෙසද, පැදුරු එල්ලීමට පැදුරු ආන ලෙසද දර එල්ලීමට දර ආන ලෙසද දේවාලයක හා පන්සලක නම් බෙර එල්ලීමට බෙර ආන (අත් අග, අත් කරුව ) ලෙසද පහන එල්ලීමට පහන් කරුව ලෙසද භාවිතා වේ.
අම්මඩුව දේවාලය – බෙර ආන