ගොඩකවෙල, ශ්‍රී ලංකා.

ගල් පාදම ( කුඩිම්බිගල )

ගෘහ නිර්මාණයේදි දැව කනු ආදාරක මගින් වහලය දරා ගැනීමට සලස්වා ඇති අවස්ථාවට එම දැව කණුවල පාදම කෘමීන්ගෙන් ආරක්ෂා කරගැනීමත් ගිලා බැසීම නවත්වා ගැනීමටත් මෙමගින් සිදුව ඇත. මෙහි හරි මැදට වන්නට හතරැස් සිදුරක් සාදා එයට දැව කනුවේ පාදම කොටසේ සාදා ගන්නා කුඩිම්බිය තබා වහලය එම කනුමත රදවනු ලබයි.

18 වන සියවසේ අග භාගය දක්වා මෙම ක්‍රමය භාවිතා කර ඇති බවට සාධක ඇත. සිමෙන්ති භාවිතයත් සමග මෙම ක්‍රමය පහව ගොස් ඇත. මෙම ගල් පාදම් සදහා නොයෙක් හැඩ තල මගිනි පිටතට පෙනෙන කොටට අලංකාර කිරීම් ද සිදු කර ඇත.

උලු වස්ස රෑදවීමට තනි ගලේ උලු වස්සේ දිගට හතරෑස් සිදුරු 2 දෙපස සාදා ගත් අවස්ථාද ඈත.අතීත කෝරළ මායිම් කොඩි කණු සදහා දැව කොඩි කණුවේ පාදමේ සකසනු ලබන විශාල රවුම් කුඩිම්බිය බහා ලීමට විශාල කටක් සහිත රවුම් සිදුරක් සදා ඇත. එයටද කුඩිම්බි ගල ලෙස හදුන්වයි

පලාත් අනුව මේ සදහා නොයෙක් නම් භාවිතා කර ඇත.