මකුළු මැටි, දුම්මල, උක්පැණි, පාවට්ටා කොළ, අඹරා දියරයක් ලෙසට සකසා දැව මත තවරා ඇත. අදද දිරායාමකට භාජනය නොවී, සතුන්ගෙන් ආරක්ෂා වී පවතී. පැරණි පන්සල්, දේවාල කීපයක දැකගත හැක.
වලව්වකනම් තම ප්රවේණි සැලැස්මට බුක්ති විදීමට ලද නින්දගමේ පිහිටි වටිනා දැව ලබාගෙන ඒවා පුර සහ අව අනුව කපා සුදුසු පරිදි සකසා උඩ,යට, හදුනා ගැනීමට ජාලයේ ගිල්වා හදුනාගෙන වහලයට සවිකිරීම සිදු කර මෙම දැව ආරක්ෂකය තවරා ඇත. වැඩ වසම් යුගයේ දී ඌලියන් රාජකාරිය ලෙසට මෙම කටයුතු සිදුකර ඇත. පසුකාලීනව 1870 නොම්මර 04 ප්රවේණි පංගු හා කලයුතු වැඩරාකාරි ලේඛණයේ ද ඌලියන් රාජකාරිය ලෙසම දක්වා ඇත. වලව්වකට තිබු මෙම රාජකාරි ක්‍රමය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අහෝසි වී ඇත.
දැව වල උඩ සහ යට පිහිටීම ගුරුත්වාකර්ෂණයේ බලපෑම ලබාගැනීමට ගත් උත්සාහයක් ලෙස විද්‍යාර්ථීන්ගේ මතය බවට සටහන් ඇත. මැටි භාවිතය වහලයට යොදා ගැනීම උෂ්ණත්ව පාලනයටද බලපෑමක් කර ස්වභාවික වායු සමීකරණටද වහලය තුළින් බලපෑමක් සිදුකරගෙන ඇත.