ගොඩකවෙල, ශ්‍රී ලංකා.

මහා භාරතයේ පැවති මෙම නර්තනය බුද්ධ කාලය දකිවාම දිවයන්නකි, රජු ඉදිරිපිට මෙම නර්තනය අතීතයේ සිටම පැවති බවට සාධක ඇත.

කන්ද උඩරට රාජධානිය

සමයේ රජුගේ දෝලි බිසවුන්ගේ දරුවන් නොයෙක් ප්‍රදේශ වල රාජ්‍යය ආරක්ෂා කිරීම සහ භාණ්ඩාගාරයට බදු රැස් කිරීම සඳහා පත්කර තිබූ අතර ඔවුන් බොහෝ විට විශාල නින්ද ගම් ලැබූවන් විය. ඔවුන්ට එම නින්ද ගම් ලබාදී ඇත්තේ ප්‍රවේණි සැලැස්මට බුක්ති විදීම සඳහායි. මෙසේ ලද නින්ද ගම් තුල රජුට අයත් වරප්‍ර්‍රසාද බුක්ති විදීමේ හැකියාවද ඔවුන් සතු වූ අතර රජුට අයත් වැඩවසම් රාජකාරි ක්‍රමය ඔවුන් භුක්ති විද ඇත. ඒ අනුව දිග්ගෙයි නැටුම නම් නර්තණය සිය වලවිවටද ආවේණික අංගයක් විය.

දෙවියන් ඉදිරියේදීද රග දක්වන ලද මෙම නැටුම් විශේෂය සබරගමුවේ සිව් දේවාල වල පැවත තිබූ අතර බලංගොඩ උග්ගල් අලුත් නුවර දේවාලයේ පමණක් අදද පවතී. මොට්ටු කාර පංගු වෙන් දවුල් ගැසීම කරන අතර තාලම්පට පංගුවේ තාලම් පදයට මානික්‍ය පංගුවේ මහගෙල නර්තනයක යෙදෙනු ලබයි. මෙය දැනට හස්තමුද්‍රා නැටුමක් ලෙසින් රග දක්වයි. එසේම දිග්ගෙයි ගීතිකා නම් පද්‍ය විශේෂයක් ද ඇතුලත්ව ඇත.

මානික්‍ය පංගුව ලෙස සබරගමුවේ මෙම නැටුම් සදහා රාජකාරි පංගු පරපුරු හතරක් පවතී. මෙම නර්තන ශිල්පිණියන් මානික්‍ය මහගෙලා ලෙසට හදුන්වයි. සබරගමු මානික්‍ය මහගේ, කිරිකන්දෙණිය මාණික්‍ය මහගේ, හුණුවල මාණික්‍ය මහගේ, ඉහළ කූටිටමේ මාණික්‍ය මහගේ ලෙසට හදුන්වයි.

ඉහත කී උඩරට ගොවි කුලයේ වංශවත් වලව් පැලැන්තියේ පමනක් වලව් වල මෙම නර්තන ක්‍රමය නොයෙක් අවස්ථාවන් වලදී පවත්වා ඇත. මේ සදහා වලව්වේ වෙනම ස්ථානයක්ද තිබී ඇත. ඇතැම් අවස්ථා වලදී දැකුම් නැටුම් සහ පෙන්නුම් නැටුම් ලෙසට භාවිතා කර ඇති අතර රාත්‍රි කාලයේ දී වලව් වල පැවති මෙම නර්තනය වර්තමාන කැබරේ නැටුමට සමාන වූවකි.

දිග්ගේ නැටුම් නරඹන අවසිථාවට භාවිතා කරන ලද ගිර විශේෂයක් පැවත ඇති අතර එම ගිරය ‘ දිග්ගෙයි ගිරය ” ලෙසට හදුන්වයි.

මෙම පවුල් වල යැපීම සඳහා ඒ ඒ නින්ද ගම් වල ” මාණික්‍ය වෙල ” ලෙසට කුඹුරු ඉඩම් වෙන් කිරීම් සිදුව ඇති අතර වර්තමානයේද එම නම් බාවිතා වෙයි.

මේ සම්බන්ධව ජයන්ත විජේරත්න මහතා විසින් රචිත ” රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කීපයක්” සහ ප්‍රේමකීර්ති රණතුංග මහතා විසින් රචිත අතීතයේ දවසක නම් ග්‍රන්ථයේ සටහන් කතෘ අයිතිය සුරකෙන පරිදි ඒ අයුරින්ම පහතින් දක්වමි.

මෙම නර්තනය පාදක කරගත් ප්‍රේමකීර්ති රණතුංග ශූරීන්ගේ ” අවසන් නින්ද ගම ” නම් නවකථා කෘතිය ජන ප්‍රසාදයට සහ සම්මානයටද පාත්‍ර වූවකි.

මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් සහ නොයෙක් සටහන් වාර්තා විශාල ප්‍රමාණයක විග්‍රහයන් ඇත. පසුකාලීනව නෘත්‍යශාලා බිහිවීම ද වර්තමානයේ සමාජශාලා වල සංදර්ශනයන්ද මෙහි අනුකරණයන් ලෙස හැදින්විය හැකිය.

 

ගොඩකවෙල අම්මඩුව කුඩා කතරගම දේවාලය.

බලංගොඩ උග්ගල් අලුත් නුවර දේවාලය

දිගිගෙයි ගිරය

දිගිගෙයි ගිරය

දෙවියන් ඉදිරියේ රග දක්වනු ලබන බලංගොඩ උග්ගල් අලුත් නුවර දේවාලයේ දිග් ගෙයි නර්තනය

දෙවියන් ඉදිරියේ රග දක්වනු ලබන බලංගොඩ උග්ගල් අලුත් නුවර දේවාලයේ දිග් ගෙයි නර්තනය

රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කීපයක්, ග්‍රන්ථයේ කොටසක්