ගොඩකවෙල, ශ්‍රී ලංකා.

“පසුව එක්කරන අතිත සහ වැදගත් සටහන් ,   ( 01 ).”

පහත සටහන  අනුව අතීතයේ සිටම ආක්‍රමණිකයන්ගේ  මෙම  ක්‍රමවේදය මත , නැගෙනහිර, බස්නාහිර,  ඇතුළුව පහත රට මූදු බඩ ප්‍රදේශස වල බහුලව අන්‍යගමිකයන්  බිහිවීම සිදුව ඇත.

අතීත රජ දවසේදී   ජාතික, ආගමික, සමාජීය වශයෙන් වැරදි කළවුන්  කුලහීනයන් ලෙස කොන්කළ සිටිය වුවන්ට සහ රාජ උදහසට ලක් වී  උඩරටින්  පලාආ වූවන්ට, ආක්‍රමණිකයන් විසින් ඔවුන්ගේ නම්, ගම් , වාසගම්, සහ  අමතරව ධනයද ලබාදී  ආක්‍රමණිකයන්ගේ  ආගම් වැළදගැනීම්ද  සිදුකරවා  තිබේ . මෙම සටහන එයට හොඳම උදාහරණයකි. මෙම තත්වය වර්ථමානයේ සිය පැවැත්ම හේතුවෙන්  හිතාමතාම බොහෝ දෙනා අමතක කර දමා ඇත. මිෂනාරි ඉගැන්වීම් වලට අභියෝග කළ  ඕල්කට් මහතා වැන්නවුන්ගේ  මෙම තත්වයන් සම්බන්ධ විග්‍රහයන්ද  වර්තමානයේ ඇතැමුත්  බැහැර කර  සැබෑ  තත්ත්වය යටපත්කර  ඇති බව නොරහසක් නොවන්නේද ? ( මෙය ස්වදේශිකයින් කලූ සුද්දන් වීම ලෙසට හදුන්වයි. )

ජෝන් ඩොයිලිගේ නිර්දේශ අදටත් ක්‍රියාත්මකයි.

මොනවද ඒවා

##########################

ජෝන් ඩොයිලි ලෝකයේ බිහිවූ විශිෂ්ටතමරහස් ඔත්තුසේවා නිළධාරියකු ලෙස සැලකෙනවා.සුද්දා ලංකාව යටත්කර ගන්න කල සටන් වලින් ඉතා කෲර සටනක් තමයි ඌව වෙල්ලස්ස සටන.මේ සටනේදී වැව් සියල්ල විනාශ කලා.අවුරුදු දොළහට වැඩි සියලු පිරිමි මරාදමන්නත් අවුරුදු 15 ට වැඩි සියලු කාන්තාවන් දූෂණය කරන්නත් සුදු හමුදාවන්ට නියෝග ලාබිලා තිබුනලු. එහෙත්, සටන දිනන්න හෝ සිංහලයා අඩපන කරන්න සුද්දා අසමත් උනාලු. ඒ අවස්තාවේ ලංකාවේ මිනිස්සු පරාජය කරන්න බැරි ඇයි කියලා වාර්තාවක් ලබාදෙන ලෙස ජෝන් ඩොයිලිට නියෝග ලැබුනලු.ඩොයිලි දීපු වාර්තාව අනුව

සිංහලයා පරාජය කරන්න බැරි හේතු තුන.

1.පන්සල

  1. ස්වයං පෝෂිත ගම

3.ත්‍රාෂජනක සිදිධියකදී එකතු වීමේ ගුනය.

පන්සල

—————

මිනිස්සුන්ට පන්සල විශ්වාසයි.හැම ගමටම පන්සලක් තිබෙනවා .ඒකේ හාමුදුරුවන් ගමට අභීත හා අදීන නායකත්වය දෙනවා. ඒ නායකත්වය වටා මිනිස්සු රොක්වීම වැලැක්වීමට නොහැකිවීම.

ස්ව්‍යං පෝෂිත ගම

——————————–

සාමාන්‍යයෙන් සටනකදී ගමක් හෝ ප්‍රදේශයක සැපයුම් අවහිර කල විට කෑම බීම ඖෂධ හිග වෙනවා. ඒ පීඩනය නිසා මිනිස්සු සටන අත් හැරීම හෝ පලායාම සිදුවෙනවා.නමුත් එවකට ලංකාවේ ගමක සැපයුම් කැපුවා කියා පලක් නැත. මන්ද සෑම ගමක්ම ස්වයං පෝෂිත යි. සියලු ආහාර ඖෂධ හා ජලය ගම සතුයි ත්‍රාෂජනක සිද්ධියකදී එකතු වීමේ ගුනය.

———————————

සාමාන්‍යයෙන් බෝම්බ පිපිරීමක් වැනි දෙයකදී මිනිස්සු දුවනවා.නමුත් ලංකාවේ සිංහල මිනිස්සු එවනි අවස්තාක අදාල තැනට එකතුවෙනවා. මේක සිංහලයා ට පමනක් පොදු වූ ගුනයක්. මෙය යුද්ධය ජයගැනීමට බාධාවක් බව ඩොයිලි කීවා. ඩොයිලිගේ යෝජනා.

1.බුද්ධාගම ට පහරදී පංසල හෑල්ලු කිරීම සහ සංගයා බෙදීම

2.වැවිලි ආව්ටිකය හදුන්වා දී ස්වයං පෝෂිත ගම විනාශ කිරීම .

3 එකතු වීමේ ගුනය විනාශ කිරීමට සිංහලයාට මත් පැන් හුරු කිරීම

ඊට අනුව අධිකරන සංගනායක කම්, විහාරාධි පති තනතුර වැනි බොහෝ තනතුරු ඇතිකර සංගයා බේද කලා. මිනිස්සු මුදලට ක්‍රිස්තියානි කලා. ආගමේ හරයන්ට පහර දුන්නා. පෙරහැරට, අලියාට මඩ ගැහුවා. මෙය අදටත් එසේ වෙනවා. තේ රබර් පොල්.වැවිලි ආර්ථිකය හදුන්වා දෙමින් ස්වයං පෝෂිත ගම විනාශ කලා. අදටද සුද්දා බුද්ධාගම පන්සල, හාමුදුරුවන් හෑල්ලු කරනවා.බෙදනවා. එයට ඇති ප්‍රමුකතාවය ප්‍රශ්න කරනවා. හමුදාවට අපහාස කරනවා. ඔවුන්ට නොනැමෙන සිංහලයා සහ සිංහල නායකයෙක් ට අපහාස කරනවා. මේ තත්වය,අවබෝධ කරගෙන වර්තමාන අර්බුද  ඒ තුලින් දැකිය යුතුයි.. වර්තමානයේ ද සිද්ධ වෙන්නේ එදා ජෝන් ඩොයිලි ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම ම නොවේද…?

ස්තුතියි ✍️