පසුව එක්කරන අතීත සහ වැදගත් සටහන්. ( 03 )”
මහා චීන අධිරාජ අස්ථාන බණ්ඩාර තුන්වන මිං අධිරාජ්යයානන් වහන්සේ වෙච්චි චීයන් ත්සු මහෝත්තමයානන් වහන්සේ විසින් නාවුක යාත්‍රා 62 පවරා දී දක්ෂිණ ලෝකය ගවේෂනයට චෙං හෝ නාවුක මිලිටේරි උතුමානෝ පිටත් කර හැරියා. වසර 30 පුරා චෙං හෝ උතුමානෝ දක්ෂිණ මුහුදේ ගවේෂණ හතක් සිදු කලා. වර්ෂ 1405 සිට 1407 දක්වා සිදු කල ප්‍රථම ගවේෂණයේදිම චෙං හෝ උතුමානන් “හිංගලයන්ගේ රටට”(Hsi-lan) යහපත් වෙන්ට යෙදුනා.
කන්ද උඩරට ගම්පොල රාජධානියේ පස්වන බුවනෙකබාහු (1372-1408) හිංගලේ රජුගේ මහ සෙනවි වූ අලගක්කෝනාර නොහොත් පේරාදෙණියේ මධුරාපුර බ්‍රාහ්මණ වංශික අභිමානවත් අලහකෝන් නිලමේ කොලඹ කෝට්ටේ පිහිටවූ අලුත් කෝට්ටේ රාජ්ජෙ ප්රතිරාජයා වූ වීර අලකේශ්වරගෙන් (A-lie-kou-nai-eul) චෙං හෝ උත්තමයට ලැබුනේ එතරම් හොඳ සැලකිල්ලක් නොවේ. (පාතරට උන් සුද්දො ගල විද්දෙ නැත්තං කොලඹ එන්නෙ කොහොමද ඇහුවට පේරාදෙණිය ඉදලා අලහකෝන් නිලමේ ගිහින් කොලඹ රාජධානිය පිහිටවපු බව දැන ගනියව්)
මේ වීර අලකේශ්වර රජා රාජසිංහ වඩුගයා වගේ ජනතාව පීඩනයට පත් කල කුරිරු ඒකාධිපතියෙක්, බුදුන්ගේ දහමට ගෞරව නොකල කෙනෙක් බව චෙං හෝ උතුමානන් එක්ක ආපු උගත් වියත් චීන පඩිවරු ලියලා තියෙනවා. චෙං හෝ උතුමානන් වීර අලකේශ්වර රාජා බලු මයිලක් තරම්වත් ගනන් අරගෙන නෑ. රටේ තත්වය තේරුම් අරන් උභයකුල පාරිශුද්ධ උතුම් රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් එහෙම අදුරා කියා ගත්ත චෙං හෝ උතුමානන් ආපසු ගිහිල්ලා
දෙවනි පාරට ආවෙ වීර අලකේශ්වරය මට්ටු කොරන්ටම තමා.
එකල උභයකුල පාරිශුද්ධ මෝරිය රාජ කුලයේ රජ පවුලක් ලෙස ගම්පොල සිට පැමින කෝට්ටේ පදිංචිව සිටි 6 පරාක්‍රමබාහු රජු ලෙස පස්සෙ කාලෙක කිරුළ පැලදි කුමාරයා හීං සීරුවේ අලහකෝන් නිලමේගේ පවුලේ උදවිය එක්ක අනෙකුත් මධුරාපුර බ්‍රාහ්මණ වංශික උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් හොර රහසේම චෙං හෝ උත්තමයට සහාය දුන්නා. 6 පරාක්‍රමබාහු මහ රජුගේ පස්සෙ කාලෙ නම්බුවෙන් මෙව්වා වැහුනට චීන පඩිවරු ලිව්වෙ මෙහෙම,
“කෙලින්ම, උන්ගේ ගුහාවන් සහ සැඟව සිටි ස්ථාන අපි විනාශ කර, උන්ගේ මුළු රටම වහල්භාවයට පත් කර, අපේ අගනුවරට උන්ගේ කාන්තාවන්, දරුවන්, පවුල් සහ සේවකයින්ද රැගෙන ආවෙමු. අප උන් කිසිවෙකුවත් උන්ගේ රටේ ඉතිරි නොකළෙමු. විනාශකාරී කෘමින් වන් වූ උන් එක ආක්‍රමණයකින්ම යටත් කළේ, ධාන්‍යවලින් දහයියා ගසා දමා ඉවත් කරන අයුරෙනි. බියෙන් වෙව්ලමින්, දස දහස් වාරයක් මැරීමට සුදුසු මෙම නොවැදගත් පණුවන් ස්වර්ගයේ දඩුවම් ලැබීමට ද නුසුදුසු විය.”
වීර අලකේශ්වරගේ බල සෙන් සමග සය දිනක් සටන් කරපු චෙං හෝ මහෝත්තමයානන් වීර අලකේශ්වර පවුලම ජිවග්‍රහයෙන් අල්ලාගෙන වර්ෂ 1411 දී චීනයට අරං ගියා. ඊට පස්සෙ චෙං හෝ උත්තමයට සහය දීපු පරාක්‍රමබාහු කුමාරයා රජ උනා විතරක් නෙවෙයි තුං සිංහලය අවසාන වතාවට එක්සේසත් කර කිරුළ පැලදි එකම රජ්ජුරුවොත් උනා කියල මගෙ කිත්තප්පගෙ පුස්කොල පොතේ තියෙනවා. මේ ආකාරෙට චීනෙන් චෙං හෝ උත්තමයා එක්ක ආපු බල සෙනගෙන් ලේ කලවං වෙච්ච ඈයො රජකාලෙ ඉදලා කෝට්ටේ අවට තාම ඉන්නවා කියලත් මයෙ කිත්තප්පගෙ පුස්කොල පොතේ තියෙනවා.