ගොඩකවෙල, ශ්‍රී ලංකා.

ලංදේසි සංහාරය සදහා මහනුවර රජ වාසලින් එවූ රාජ නියෝගය.

අසවු අසවු!
දකුනු ලක වාසීන්ට කරන රාජ ආන්යාවයි .
“රාජාධිරාජද්වීප චක්රවර්ති කීර්ති ශ්රී රාජසිංහ දේව ස්වාමී දරුවන් වහන්සේ වදාල මෙහෙවර වූ පරිදී මහවාසලින් නිකුත් කරන රාජාඅන්යාවයි. මාගේ රජ්යට යටත් දක්ශින ලංකා වාසිනි! අපේ මේ ශ්රී ලංකාද්වීපය අවුරුදු දෙදහසකට අධික කාලයක් සිට පවත්නා සුපරිශුද්ධ බුද්ධ ශාසනයත් ,බෞද්ධ පූජනීය ස්ථානත්, සිංහල ශිශ්ටාචාර යත් විනාස කර දමා අපේ සිංහල බෞද්ධයන් මිත්යාදුශ්ටිකයන් බවට පත්කර ගෙරිමස් කෑම / මත්පැන් බීම / ස්ත්රී දූශනය වැනි මේලේච්ච සිරිත් විරිත් පුරුදු කරවා සම්පූර්ණ රටම මිහිපිට නරකාදියක් කිරිමේ ප්රබල ව්යාපාරය ක් ලංදේසී විසින් ආරම්බ කරතිබේ. සබරගමු ඌව දෙදිසා වැසි යුද්ධ නායකයන්ගේ මග පෙන්වීම ඇතිව විශාල බලඇණියක් දකුන බලා පිටත් කර එවනුයේ ඔවුන්ගේ නින්දිත ව්යාපාරය විනාශ කර දැමීමටය. මෙහිදී තොප හැම දෙනාම මහනුවර මහවාසලට පක්ශ පිරමනාකම් ඇතිව ලංදේසීන්ට සතුරුව සටන්කල යුතුය.එසේ කරන හැම දෙනාටම කැමැති පමනක් ඉඩ කඩම් වගා කරගැනීමට අවසර ලැබෙන අතර අයබදු වලින්ද නිදහස් කරේ. මටත් මාගේ රාජ්යටත් සතුරුව ලංදේසීන්ට පක්ශව සටන්කර හැමදෙනාගෙම දේපල රාජසන්තක කිරීම හා ජීවිත හානියක් සිදුවෙනවා ඇත.මහනුවර මහවාසලින් වදාළ මෙහෙවර ලෙස මෙසේ ලියා අත්සන් කලේ ශක වර්ශ එක දහස් සයසියඅසූදෙකෙකට පැමිණි මෙම වර්ශයේ මැදින් දින අවදොලොස්වක නම් ත්ථ්රීය ලත් බදදා මහනුවර දලදා මාලිගයේ ඇතුලු පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ වාහල ඉලංගම් මුහන්දිරම්ද අස්පන්තියෙ මුහන්දිරම් ද ,අලුත් කුරූවේඅධිකාරම් ,කුරුනෑගල හබාගේද ,තලන්පිටියද,මානකොලේද,අලවතුගමද,කොටගේ පිටිය ,මාපනාවතුරද, දනගම,කෙහෙල් ඇල්ල ,වේරවැල්ලද,උඩරට රුහුනු,බඩහැලබඩ,ගිලීමලෙ,බබරබටුවද,පුත්ථලම මහදිසාවෙ,සබරගමු දිසාවේ ඇතුලුව මහනුවර මහ අධිකාරම් නිලමේ කරවන මුන්වත්තෙ රාජකරුනා විජයවර්ධන නවරත්න වාහල මුදියන්සේ රාළහාමි වම්හ.