ගොඩකවෙල, ශ්‍රී ලංකා.

” ප්‍රථම ලංකා සිතියම.”

විදේශීය නැවියන් හා ගවේශකයන්වූ ටොලමි, කොලොම්බස්, වැන්නවුන් ලංකාවේ හැඩය සිය ගවේෂණ දැනුම එක්කර සිතියම් ගත කළමුත් කැමරා ඇසකින් ලබාගත් ප්‍රථම චායාරූපය මෙයයි. මෙහි විශේෂ යමක් සදහන් කලයුත්තේ අතීත ලංකාව හා ඉන්දියාව යාකර තනා ඇති විශ්ව කර්ම නිර්මාණයක් ලෙස සලකන ආදම්ගේ පාලම හෙවත් තලෙයිමන්නාරම හා ඉන්දියාව යාකරමින් තිබූ මාර්ගය දිස්වීමයි.

මුල් පිටපත අදද ඉතාමත් සුරක්ෂිතව ඇමටියගොඩ වලව්ව තුළදී දැකගත හැකි අතර මෙහි වර්ණ චායා පිට පතක් ජාතික ලේඛනාගාරයට මෙම වලව්වෙන් ලබාදී ඇති අතර එය මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

විශේෂයෙන් සදහන් කළ යුතුව ඇත්තේ ලංකාවේ මුදලින් මිලකළ නොහැකි එකම චායා රූපයද මෙය බවයි.