ගොඩකවෙල, ශ්‍රී ලංකා.

“පැරණි නගුල සහ විය ගස” සහ

රොබට් නොක්ස්ගේ සටහන. .

ඇන වර්ග කිසිවක් භාවිතා නොකර ලී අගුල් මගින් තද කරගෙන ඇත. තලයටම රිවට්වූ කම්මල් උල් දෙකක් සහිත කුඩා වානේ තලය නගුලේ බිම හාරන කොටසට සවිකර ඇත. අත් කූරේ අගට හරක් අං කොටසක් ( උල සහිත අග කොටස ) සවිකර ඇත.

” විය ගස”

ගවයන් දෙදෙනාගේ බෙල්ලේ ඉහළ මතු පිටට පිහිටන පරිදි විය සිදුරු තුලින් යවා ගන්නා මදු වැල් පොටවල් ආධාරයෙන් ගවයන් දෙදෙනා වියගස දෙපස ඈදා ගනී. වියගසේ මධ්‍යයේ ඇති ඇලයේ රැදවෙන. පරිදි මදුවැල් පොටවල් මගින් නගුලේ කෙළවර යටි පැත්තේ කපා ඇති කට්ට ආදාරයෙන් නගුලට ඈදා ගනී. ඒ අනුව සීසෑම මගින් පොළව සකසා

අතීත වාරි ක්‍රම ආධාර කරගෙන යල සහ මහ කන්න වශයෙන් වසරකට වාර දෙකක් ද. අහස් දිය භාවිතයෙන් වසරකට වරක් ගොඩවී වගාවද. අතීතයේ සිදු කර ඇත.

නගුල පිළිබඳ රොබට් නොක්ස් වාර්තා සටහන් මෙසේ දක්වයි.

නගුල වූකලී මිනිස් අතකට වඩා මදක් මහත්වූ දික් දන්ඩකින් හා උල් වූ එක්කොනක් බිම ඇනෙන අත් දන්ඩකින් යුතිතවූ උපකරණයකි. මෙම අත් දන්ඩෙහි වක්වූ තැන නගුලේ හිස පමණ පළල ඇති අගල් තූනක් හෝ හතරක් ගන කම් ඇති සවිමත් ලී කැබැල්ලක් සවිකොට ඇත්තේය නගුල නොගෙවී යනු පිණිස නගුලෙහි ලෝහමය තහඩුවක් සවිකොට ඇත. නගල අදින්නාවූ ගවයින් අදිනු ලබන්නේ විය දන්ඩෙනි.

මෙසේ සාදන ලද මේ නගුල් වර්ගය කන්ද උඩරටට සුදුසුය. සැහැල්ලු බැවින් කදුකරයේ පිහිටි පටු ලියදි හෑමට පිළිවන ඉදින් නගුල බර වැඩි උවහොත් මඩෙහි හැපී එරීයන බැවින් සීසෑම සාර්ථක නොවන්නේය. අපේ රටේ (එංගලන්තයේ ) නගුල් මෙන් මේවා වානෙන් වසාලීම අවශ්‍ය නොවේ යන්නයි.

වර්තමානයේ තාක්ෂණික ගොවි උපකරණ වල කාර්යක්ෂමතාවය හේතුවෙන් මෙවැනි නගුල ගොවි සමාජයෙන් වියකී යමින් පවතින උපකරණයකි. මෙහි දැක්වෙන්නේ ඉතාමත් අතීතයේදී භාවිතාවට ගන්නාලද ඉතාමත් දුර්ලභ නගුලකි.

“විය සිදුර”

විය සිදුර පිළිබඳ පැරණි සිංහල කියමනක් වූ “කණ කැස්බෑවා විය සිදුරෙන් එලිය දැකීම ” මනුෂ්‍ය ආත්මයක් ලැබීමට උපමා කරීම යන්නයි.

මෙහි දැක්වෙන්නේ ඇමටියගොඩ වලව්වේ අදට දකින්නට ඉතිරිව ඇති පැරණි නගුලක් සහ විය ගසකි.