බිත්ති කපරාරුව, ගෙබිම සැකසීම, ගෙබිම ට මැටි ගඩොල් කැට සවි කිරීම.
බිත්ති කපරාරුව
අතීතයේ දී කළුගලේ ( කළුගල් විශේශයක් වන අතර සෑම කළු ගලකම දැක ගත නොහැක ) පිටතින් සැදී ඇති ගල්මල් වැනි කොටස ගෙන පළුස්සා හණු ලබාගෙන වැලි, හුබස් මැටි එක්කර උක්පැණි සමග මිශ්ර කර අලි ලවා පාගා බිත්ති කපරාරුව සිදු කර ඇත . අනුරාධපුර, පොලොන්නරු,සහ මූදුබඩ පළාත්වල දිවුල් ගැට ද භාවිතා කර ඇත. මූදුබඩ
පළාත්වල පෙර කී ලාකළුගල් පුලුස්සා ගැනීම වෙනුවට මූදු ගල්මල් සහ සිප්පි කටු පුලුස්සා ගෙන හුණු සකසා ගෙන තිබේ. ආක්රමණිකයන් මුදුබඩ ආරක්ෂිත කොටු ඉදිකිරීම් වලදී මෙම ක්රමය අනුගමනය කර ඇති බව දැනට ශේෂව ඇති කොටස් වලින් දැකගත හැකිය.
ඇතැම් පලාත් වල පුවක් ලෙලි ඉස්ම යම් ප්රමාණයක් එකතු කර ඇත. උක්පැණි,
ගෙබිම සැකසීම සිදු කිරිම. ( ලෝෂ්ට ලේපය ඇතිරීම )
මේ සදහාද පෙර කී ලාකළු ගල් කොටස පුලුස්සා හුණු ලබාගෙන වැලි සහ බඹර පැණි එක්කර අලිලවා පාගා මිශ්රකර ගෙබිම සකසා ඇත.
ඉහත මිශ්රණයන් සදහා උක්පැණි, බඹර පැණි, දිවුල් ගැට, එක්කිරීම තුළින් බදාමයක්සේ දෘඩ ගතිය ඇතිකර ගැනීමට මාත්තුවකි.
පසුකාලීන සිමෙන්ති සහ ඒ හා ආශ්රිත නිෂ්පාදන නිෂ්පාදනයට මෙම අතීත තාක්ෂණය පාදක වී ඇත.
ගෙබිමට මැටි ගඩොල් කැට සවිකිරීම (ගඩොල් අන්තරු බද්ධය සිදුකිරීම )
කිරිමැටි අලිලවා පාගා පදම්වීමට වල් අතු කොළ වලින් කාලයක් වසා තබා පසුව හතරැස් වනසේ ලී අච්චුවේ සකසා පුලුස්සාගෙන ගෙබිමට අතුරා ගෙබිම සකසා ගෙන ඇත.
බිත්ති සහ ගෙබිම මෙසේ සැකසීම නිසා ගෘහය තුළ ඇග රස්නය සහ පරිසරයේ උෂ්ණත්වය උරා ගැනීමට සැලසීම තුලින් ස්වාභාවිකම වායු සමීකරණකට ලක්කර ගෙන ඇත. වහලයටද මැටි උළු යොදා ගැනීමත්,වහලයේ දැව සදහා දැව ආරක්ෂකය ලෙස මකුළු මැටි මිශ්රණය භාවිතයෙන්ද ගෘහ පරිසරය තුළ සිසිල්ව තබා ගැනීම සිදු කර ඇත.
පෙරකී ලාකළු ගල් විශේෂය උඩරට ප්රදේශ වල බහුලව තිබී ඇත. වර්තමානයේ පරිසර විපර්යාසයන් (වන විනාශය, කැලෑ ගිනි තැබීම්, ලැව්ගිනි, )හේතුවෙන් මෙම ගල් විශේෂය ක්රමයෙන් පහව ගොස් ඇත. නමුත් මෙම ස්ථානය අයත් ප්රදේශයේ ද, ආශ්රිත රජමහා විහාර අවටද අදද දැක ගැනීමට හැකිය. මෙවැනි සැකසීම්
මහනුවර අවසන් රජ මාලිගාවේද, ඇතැම් රජමහා විහාර වලද, පැරණි දේවාල කීපයකද මෙම ස්ථානය ඇතුළු පැරණි වලව් කීපයකදීද වර්ථමානයේ දී දැක ගත හැක. මෙම සියළු කාර්යයන් වැඩවසම් යුගයේ දී ඌලියන් වැඩ රාජකාරි ක්රමය අනුගමනය කරමින් සිදුකරවා ඇත. එසේම 1870 නොම්මර 04 කළයුතූ වැඩ රාජකාරි ලේඛනයටද ඌලියන් වැඩ රාජකාරිය ලෙසටමද දක්වා ඇත.
උන් පැණි මිශ්ර කර ඇති බිත්ති බදාමය.
බඹර පැණි මිශ්ර කර ඇති බිම් බදාමය.
බඹර පැණි මිශ්ර කර ඇති බිම් බදාමය.
ඹඹර පැණි මිශ්රණය කෙමෙන් විනාශ වන අයුරු.
උක් පැණි මිශ්රිත බිත්ති කපරාරු
කිරි මැටි බිම් ගඩොල්.
කළුගලේ ( කළුගල් විශේශයක් වන අතර සෑම කළු ගලකම දැක ගත නොහැක ) පිටතින් සැදී ඇති ගල්මල් වැනි කොටස
කළුගලේ ( කළුගල් විශේශයක් වන අතර සෑම කළු ගලකම දැක ගත නොහැක ) පිටතින් සැදී ඇති ගල්මල් වැනි කොටස