වල් අලි හා වල් හරක් අල්ලා ගැනීමට භාවිතා කරන්නකි
මෙම මන්ද මීමින්නා හමින් හෝ ගෝන හමින් තනා ගත්තකි. විශාල මන්දවල් තනා ගැනීමට අතීතයේදී කිතුල් කෙදි බාවිතා කළ අතර පසුකාලීනව ලණු කබද බාවිතා කර ඇත. අතීතයේදි යුධ පුහුණුවට කුඩා අලි පැටවුන් අල්ලා හීලෑ කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වූවකි. පසුකාලීන ව්‍යාපාරයක් ලෙසට අලි ඇල්ලීමේ දී අලි ගාල් බැදීම සිදු කර ඒ තුළට හසුවන සියලුම අලි ඇතුන් අල්ලා වෙන්දේසි කෙරේ. මේ සම්බන්ධව දැනට අතීත ලේඛන සහ වාර්තා ඇත්තේ අලි ගාල් දෙකක පමණි. සූපුසිද්ධ පනාමුරේ අලිගාල එකකි.
වල් හරක් මධු ගසා අල්ලා හීලෑ කර වගා කටයුතු සදහා යොදා ගැනීමද අනාදිමත් කාලයක් තිස්සේ පැවති අතර වර්තමානයේ යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගැනීමත් සමග ක්‍රමයෙන් වියකී ගොස් ඇත.
මෙහි දක්නට ලැබෙන මන්ද , කරුවක් හැඩ ගෝන අං කොටසක් කෙලවරට ගැට ගසා අනෙක් කෙළවර ඇදීමේදී තදවන අයුරු තොන්ඩුව ( රවුමක් හැඩ ) සාදා ඇත.
තුන්පත් රෑණ ලෙසට හදුන්වන අලිමව, පසුගිය වසරේ උපන් අලි පැටවා සහ වර්ථමානයේ ඉපදී ඇති පැටවා. සොයා කැලයට ගොස් කුඩා පැටවාට මන්ද පැටලැවීමට සලස්වයි. කකුලක පැට ලැවෙන මන්ද ගෝන අං කොටස ශක්තිමත් ගසක පැටලුනු පසු අලි මවට සහ පෙර වසරේදී උපන් අනෙක් පැටවා හුළු අතු ( පොල් හනස්සෙන් සාදා ගන්නා පන්දම් විශේෂයක් ) පත්තු කර ඔවුන් දෙසට දමා ගසා පන්නා දමා කුඩා පැටවාට වෙනත් අත් මදු ( තොන්ඩුව සහිත රැහැන්) ගසා ලගම තිබෙන ගසක ගැට ගැසීම සිදු කර අලි පැටවා අල්ලා ගනී.
රැහැන ලෙසට හදුන්වන්නේ දිග වැලක් යන්නයි.
මෙහි විශේෂත්වය වන්නේ ගැටයක් නොපිහිටන පරිදි රැහැන් ගෙතීම. තුලම තොන්ඩුව හා ගැටය සකසා තිබීමයි. එමගින් ඇදීමේදී ඇති වන බලය. සම්පූර්ණයෙන්ම තොන්ඩුවට,ගැටයට හා රැහැනට ලැබීමයි.
අලි අල්ලන ගාල් බැදීම් වලදී මන්ද ගැසීම, රැහැන් ගැසීම ලෙසට හදුන්වන මෙම ක්‍රම වෙනත් හීලෑ අලියෙක් උපකාරී කරගෙන එම අලියා ගේ පිට මත සිට හෝ බඩ යට සිට සිදු කරනු ලබයි.
සියලුම කටයුතු සඳහා පැරණි මෙම තාක්ෂණයන්ට අමතරව රහස් කෙම් පහන් විදි සමූහයකින්ද ආරක්ෂා වීමක්ද සිදු කර ගෙන ඇති බවත් එයට යන්ත්‍ර,මන්ත්‍ර ඇතුළු ශාස්ත්‍රීය ක්‍රමවේදයන්ද අනුගමනයන් කිරිමක්ද සිදුව ඇත.
වල් හරක් ඇල්ලීම නවීන තාක්ෂණය දියුණුවත් සමගම අත්හැර දමා ඇත. නමුත් අලි ගාල්කර ඇල්ලීම 1950 වසරේදී පාර්ලිමේන්තු පනතක් තුලින්ම අහෝසි කර ඇත.
මෙහි දැක්වෙන්නේ මන්දක ඉතිරිව ඇති කොටසකි.
මෙහි දැක්වෙන්නේ මන්දක ඉතිරිව ඇති කොටසකි.
මෙහි දැක්වෙන්නේ මන්දක ඉතිරිව ඇති කොටසකි.
සූපුසිද්ධ පනාමුරේ අලිගාල