” මාතර – කටුවන” සටනේ සිහිවටනයක්වූ
අංක 1, “පැරණි තුවක්කුව.”
විදේශීය රටක නිපදවූවක් වූ මෙහි බොහෝ කොටස් විනාශ වී. ඇත. කද කොටස සියයට 75 පමන හොඳ තත්ත්වයේ ඇත. තුවක්කුව පත්තු කරන කොටස සමග දැව අචිචුව සහිත කොටස විනාශ වී ඇත. හේතුව වී ඇත්තේ 1815 දී අධිරාජ්‍යවාදීන් ට මෙරට හිමි වීමෙන් පසු ඉංග්‍රීසි රජයට සියලුම ගිනි අවි බාර දීමට බවුන්ඩ්රිග් ආණ්ඩුකාර වරයාගේ නියෝගය හේතුවෙන් මතුවට ප්‍රයෝජනයට ගැනීමට සගවා තැබීමත් හා පසුව සැගවූ ස්ථානයේ දීර්ඝ කාලයක් ගතවීමත් නිසාවෙනි. ( එම නියෝගයද පෙර කොටසක පල කර ඇත.)
“මානම් කටුව” ( එල්ලය ගන්නා ස්ථානය )
සමනළයෙකුගේ හැඩය ගනී. කද කොටස අධික බරින් යුතු ගනකම වානේ වන අතර කද ඇතුලත අටපට්ටම් හැඩයෙන් යුක්තය. මුල කොටසට වෙඩි බෙහෙත් කොටා ඉදිරි කෙලවර උණ්ඩයක් සවි කිරීමට සකසා ඇත. බරින් වැඩි හේතුවෙන් දෑතින් ගෙන භාවිතය අපහසු නිසාවෙන් ලී දඩු දෙකක් කතිර හැඩයට සවිකර ඒමත තුවක්කුවේ ඉදිරිපස කොටස රදවා භාවිතා කර ඇති බව පෙනේ. මෙය රයිfපල් තුවක්කු නිර්මාණයේ මුල්ම අවස්ථාව ලෙස දක්වයි. ඒ බව ලංකාවේ භාවිතා කළ තුවක්කු පිළිබඳ දෙස් විදෙස් ගවේෂණ යක් සිදු කර මින් වෙලුම් හතකින් යුත් දීර්ඝ කාලයක් තිස්සේ පොතක් ලියන චාමිකර පිලපිටිය මහතා පවසන්නේ මෙවැනි තුවක්කුවක් දෙස් විදෙස් කිසිදු කෞතුකාගාරයකදී හෝ පෞද්ගලික සන්තකයකදී හමු නොවූ බවත්, මෙවැන්නක් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවත්ය, නමුත් මෙවැනි තුවක්කු හතරක් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගත්තායින් පසු රජුගේ අවි ගබඩාව තුළ තිබූ අවි සංගණනයේදී ලේඛන ගත කොට තිබූ නමුත් පසුව ඊට සිදු වූවක් නොමැති බවයි. ( රජුගේ ඇතැම් භාණ්ඩ හොර රහසේම විදෙස් ගතව වෙන්දේසි වූ බවත් ඇතැම් සටහනක දැක්වෙයි.)
වෙබ් බෙහෙත් හා මූනිස්සම් එකතුවෙන්. බාවිතා කළ තුවක්කුව, යමෙකුට හානියක් කිරීමේ දුර අඩු ප්‍රමාණයක දී සිදු කළ යුතුව ඇත. උණ්ඩයක් බාවිතය. මගින් වැඩි දුරක සිට භාවිතයත්, හා ඒ සදහා සූදානම් කාලය දීර්ඝ කර ගැනීමටද ගන්නා උත්සාහයක් ලෙසට, රයිපලය නිර්මාණය වී ඇත. පසුකාලීනව. එකවර පිටකරන උණ්ඩ ප්‍රමාණය වැඩි කර ගැනීමට නිර්මාණ බිහි වී ඇත.
උන්ඩය සවිකරන අටපට්ටම් හැඩැති කොටස.
විනාශ වී ඇති කොකා සහිත කොටස. ( තුවක්කුව පත්තු කිරීමට ගන්නා ස්ථානය. )
සමනලයෙකුගේ හැඩය ගත් මානම් කටුව.
මානම් කටුව සහිත කද කොටස
දැව අච්චුව තුවක්කුවේ බද දිගට සවි කර ගන්නා ඇමුනුම්.
ඉංග්‍රීසි ආණ්ඩුවට ගිනි අවි බාර දෙන ලෙස බවුන්ඩ්රිග් ආණ්ඩුකාර වරයාගේ නියෝගය.