ගොඩකවෙල, ශ්‍රී ලංකා.

ඇමටියගොඩ වලව්වේ අදට ඉතිරිව ඇති මාතර – කටුවන සටනේ සිහිවටනයන්වූ

අංක 1,” ගෑස් ලාම්පු.”

ජර්මනියේ නිශ්පාදිත කුඩා ගෑස් ( සිලින්ඩරය ) ටින් ඉනෙහි රදවන්නකි. කුඩා බටයක් ආධාරයෙන් ගෑස් ලබාගෙන නලලට පටියක් උපකාරයෙන් උත්තල කාච සහිත ලාම්පුව සවිකර දල්වා ගෙන කොටු පවුරු මත ආරක්ෂක නිලධාරීන් විසින් භාවිතා කර ඇත. ඉතා දිගු දුරක් නිරීක්ෂණයට උත්තල කාච යොදා ගෙන තිබේ. ගෑස් නිපදවා ගැනීමට අවශ්‍ය දෑ, එවකට ආනයනය කරන ලද්දකි.

මෙම ලාම්පු විශේෂයම මදක් දියුණු කර උමං මාර්ග වලට සරිලන පරිදි හා ගෑස් වලින් වන හානි අවම වන පරිදි. සකසා පසු කාලීනව මිනිරන් පතල් කර්මාන්තයේදීද බැටරිය නිපදවන තෙක් සතුන් දඩයමේ යෙදෙන විටද භාවිතා කර ඇත.

දැනට මෙම ලාම්පු වල කොටස් පමණක් ඉතිරිව ඇත.

2″ඉටි පන්දම් ලාම්පුව.”

චිමිනියකින් ආවරණය වන පරිදි සකසා ඇත. ඉටි පන්දම ස්ප්‍රීනයක් සහිත දිගු බටයට සවිකර ඇත. මෙය ඕලන්ද ගෘහ ලාම්පුවකි.

3″වෙඩි බෙහෙත් බහාලුම් සේප්පුව”

ජර්මනියේ නිශ්පාදිත කැරකැවිය හැකි පරිදි අගුල් විශාල ප්‍රමාණයක් සහිතව පියන සහ පෙට්ටිය යන කොටස් දෙකකට වනේ වලින් අච්චුවේ වක්කර ඉතාමත් ආරක්ෂාකාරී වන පරිදි සකසා ඇත. නිශ්පාදිත විස්තර දක්වා තහඩුවක් ඊටම සවිකර ඇත. ( Holland hambrurg ලෙසට වාහනේ තහඩුවට ගිල්වා ඇත. )

ඇමරිකාවට ප්‍රථම යුධ උපකරණ ඇතුළු ඒ ආශ්‍රිත භාණ්ඩ ( අවි ආයුධ ) නිශ්පාදනයට ප්‍රසිද්ධව ඇත්තේ ජර්මනියයි.

4″නැංගුරම් කඹය”

ගන කම හණ විශේෂයකින් නිර්මාණය කර ඇත. වර්තමානයේ දිරන තත්වයට පත්ව ඇත. මෙහි ඇත්තේ කඹයේ කොටසක් පමනකි. නැංගුරම සහ කඹයේ කොටසක් 1961 වසරේදී ජාතික කෞතුකාගාරයට බාර දී ඇත.

5″සිංහල කඩුව”.

තලය කොටස වානේ යකඩ වලින්ද මිට සහිත කොටස මීහරක් අගෙන්ද සකසා ඇත. මෙවැනි කඩු විශාල ප්‍රමාණයක් තිබී දැනට එක් කඩුවක් පමනක් ඉතිරිව තිබෙන අතර අනෙක්වා පසුකාලීනව අස්ථාන ගතවී ඇත.

කොටු පවුරු. ( ප්‍රතිසංස්කරණය කරන ලද ඉතිරිව ඇති කොටස් )

1 ”  ගෑස්  ලාම්පු.” (( දැනට ඉතිරිව ඇති කොටස්  )

1 ”  ගෑස්  ලාම්පු.” ( ගෑස් කුඩා සිලින්ඩරය /ටින් එක )

2 “ඉටිපන්දම්   ලාම්පුව.”

3 “වෙඩි බෙහෙත් බහාලුම් සේප්පුව” සේප්පු දොර  යටිපැත්තේ. “Holland hambrurg ” වානේ තුලම  කොටා  ඇත.

4 “නැංගුරම් කඹය” ( දැනට ඉතිරිව ඇති කොටසකි. )

5 “සිංහල  කඩුව”.