“ලංදේසි සංහාරය”
සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටහනයි.
වර්ශ 1761 දී සබරගමුවේ දේශප්‍රේමීන් මූලිකත්වය ලබාදුන්,
මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ, හක්මන, ගන්දර, අකුරැස්ස. ලන්දේසි බලකොටු විනාශ කර ලංදේසීන් පලවා හැර ජාතියක් බේරා ගැනීමේ සටනකින් පසු ඉතිරි වූ ජීව මාන සාධකයක අදට දකින්නට ඉතිරිව ඇති දෑ.
” සිතුවම් ” ( තෙවන කොටස )
මීට අමතරව බොහෝ සිතුවම් ප්‍රමාණයක් මා කැමරා කාචයේ සටහන් කර ගත්තද ඇතිව තිබූ හදිසි දෝෂයක් නිසාවෙන් ඒවා සමහරක් පළ කිරීමට නොහැකි විය. ( පසුව මීට ඒවා නැවත ලබාගෙන එක්කරමි. )
අගුරු උපයෝගී කර ගෙන කරන ලද නිර්මාණයකි
අගුරු උපයෝගී කර ගෙන කරන ලද නිර්මාණයකි
චතුර් නාරි පල්ලැක්කිය, පංචනාරී ගටය. සප්ත නාරි රථය, ,නවනාරි කුංජරය, ලෙසට කාන්තාවන් යොදා ගෙන කරනලද නිර්මාණ කලාවන් වෙයි.
මෙයින් පංචනාරී ගටය නිර්මාණය කර ඇත්තේ සෞභාග්‍යය සංකේතවත් කිරීමටයි. චතුර් නාරි පල්ලැක්කිය මගින් දිව්‍යලෝක වල ඇති කාමබෝගී සංපත්තියද, නවනාරි පංජරය ද එවැනිම අදහස් නිරූපණයක් වන අතර සප්ත නාරි රථය, වැඩවසම් යුගයේ ප්රවේණි සැලැස්මට බුක්ති විදීමට ලබාදී තිබූ නින්දගම් වල රාජකීය වරප්‍රසාද අනුව ලද සැප සම්පත් පිළිබිඹු කරන අතර ” වලවි කොඩිය” ලෙසට සලකනු ලබයි. මද්‍යයේ දේව රූපයක් දැක්වීමෙන් ඔවුන් ලබන වරප්‍රසාද යන්හී තරම පැහැදිලි කිරීමට උත්සාහයක් ගෙන ඇත.
කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා.