ගොඩකවෙල, ශ්‍රී ලංකා.

“ලංදේසි සංහාරය”

සිංහල රාජ වංශයේ අවසන් ජයග්‍රාහී සටහනයි.

වර්ශ 1761 දී සබරගමුවේ දේශප්‍රේමීන් මූලිකත්වය ලබාදුන්,

මාතර, කටුවන, තංගල්ල, මාරකඩේ, හක්මන, ගන්දර, අකුරැස්ස. ලන්දේසි බලකොටු විනාශ කර ලංදේසීන් පලවා හැර ජාතියක් බේරා ගැනීමේ සටනකින් පසු ඉතිරි වූ ජීව මාන සාධකයක අදට දකින්නට ඉතිරිව ඇති දෑ.

ලන්දේසි සටනේ ස්මාරක නැරඹීමට.

” බවුරිග් ආණ්ඩුකාර තැනගේ සහ ලෙනාඩ් වුල්ෆ් ගේ සබරගමුවේ සංචාරයන්.” ( හත් වන කොටස )

බවුන්රිග් ආණ්ඩුකාර වරයා පැමිණෙන බව දැන විරුද්ධත්වය ව්‍යයන්ගෙන් ප්‍රකාශ කිරීමක් ලෙසින් ඔහුගේ හිස නැම්ම වීමට ප්‍රයෝගයක් ලෙස , මඩුවන්වෙල වලව්වේ වලව්ව අසල කුඩා තොරණද, ඇලපාත වලව්වේ පිවිසුම් දොර ආරම්භයට වන්නට මල්වැලක්ද, නියංගම වලවිවේ පහත් උළුවස්සද. ඇමටියගොඩ වලව්වේ ඉදිරිපස ප්‍රධාන පිවිසුමේ මල් වැලද , හදිසි රෝපණයන් ලෙස සිදු කර ඇත. මොරහැළ මුදලි වරයා, සිය වලවිවට ආණ්ඩුකාර වරයාගේ පැමිණීමට දැඩි විරෝධය පා ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඔහුට සිය නින්දගම්ද අහිමි වීමයි. මේ සම්බන්ධව රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් ගත් ක්‍රියාමාර්ගය සහ ජේ.සී.වෑන් සෑන්ඩන් නැමැති විදේශීකයා විසින් රචිත The Chieftans Of Ceylon නැමැති ග්‍රන්ථයෙහි දක්වන සටහන් ” සපරගමුවේ වංශ කථාව ” නම් ග්‍රන්ථයේ කතෘ අයිතිය සුරකෙන පරිදි එම සටහන් ඒ අයුරින්ම පහත දක්වමි.

 

හම්බන්තොට මහ දිසාපති ලෙනාඩ් වුල්ෆ් මහතා මීගහජදුරේ දොන් සාමෙල් නල්ලපෙරුම දිසානායක විදානේ ආරච්චි මහතා ද. ගිරුවා පත්තුවේ මුදලි දූරය දැරූ තවාලුවිල සෙනරත් මුදලිතුමා ද, සමග අශ්ව රථයේ සබරගමුවේ සංචාරක නිරතව මඩුවන්වෙල වලව්වේ ද, ඇලපාත වලව්වේ ද, ඇමටියගොඩ වලව්වේ ද රම් පැලය බැගින් රෝපණය කළ අතර එම වෘක්ෂ අද නැත. තමුන් ඇමටියගොඩ වලව්වේ පමනක් ප්‍රධාන ගස විනාශ වී ඇති නමුත් එක් ඇත්තක් පමණක් අදද දක්නට ඉතිරිව ඇත. උද්භිද උද්‍යාන නිලධාරී පිරිසක් නිතර සංරක්ෂණයට මැදිහත් වීම අගයමි.

Sir Robert Brownrigg

බවුරිග් ආණ්ඩුකාර වරයාගේ සිතුවමක්

Leonard Woolf

දිසාපති ලෙනාඩ් වුල්ෆ් මහතා සහ මහත්මිය.

රම් පැලය මූලය විනාශ වී ඇති අයුරු.

රම් පැලය ( ප්රධාන ගස විනාශ වී ඇති අතර එක් ඇත්තක් පමණක් අද ඉතිරිව ඇත ) ඈතින් දිස්වෙන්නේ දෙස් විදෙස් ප්රභූන්ට සෙවන දුන් ඇමටියගොඩ වලවිව අද.

මඩුවන්වෙල, මීදෙනිය සහ ඇමටියගොඩ පවුලේ සාමාජිකයන්

ආන්ඩුකාර කොඩ්රින්ටන් සමග ඇමටියගොඩ ලොකු බණ්ඩාර රටේ මහතා ඇතුළු සබරගමුවේ රදළ ප්‍රධානීන්.

තවාලුවිල සෙනරත් මුදලිතුමා.

මීගහජදූරේ දොන් නල්ලපෙරුම දිසානායක මුදලිතුමා.

 

ඇමටියගොඩ වලව්වේ ඉදිරිපස මල්වැල

ලෙනාඩ් වුල්ෆ් මහතාට සෙවනදුන් මීගහජදුර වලව්ව අද.

ලෙනාඩ් වුල්ෆ් මහතාගේ නෙත් ගැටුනු මීගහජදුර වලව්වේ අභ්‍යන්තර රූප රාමුවක්.

ලෙනාඩ් වුල්ෆ් මහතාගේ අත්සන.

මීගහජදුර වලව්වේ දොන් සාමෙල් නල්ලපෙරුම දිසානායක විදානෙආරච්චි මහතා.

හම්බන්තොට මහ දිසාපති දූරයට සමුදුන් ලෙනාඩ් වුල්ෆ් මහතා සිය නිලධාරීන් සමග සමුහ චායාරූපයක්.

ලෙනාඩ් වුල්ෆ් මහ දිසාපති තුමා නඩු විභාග කළ මීගහජදුරේ පිහිටි සියඹලා ගස අද.

ඇමටියගොඩ ලොකු බණ්ඩාර රටේ මහතා. ( අම්මඩුව දේවාලයේ බස්නායක නිළමේ )

ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් මහ මුදලිතුමාගේ සිතුවමක්.

( ලන්දේසි සටනේ සියලුම විරුවන්ගේ සිතුවම් මුල්කිරිගල රජමහා විහාරයේ බිතුසිතුවමක දැක්වෙයි.)

ලෙනාඩ් වුල්ෆ් මහතාගේ සැලසුමකට නිර්මාණය කර ඇති තවාලුව්ල සෙනරත් වලව්ව.

ඇමටියගොඩ ගුණතිලක අලහකෝන් මුදලිතුමාග් මුණුපුරු, පාදුක්ක – මාදුළුවාවේ හොරගොඩ ගුණතිලකාරාම මහාවිහාරය නිර්මාර්තෘ ඇමටියගොඩ නාහිමියන් සහ ගෝල හිමියන් වහන්සේගේ පිලිරූ.

පාදුක්ක – මාදුළුවාවේ හොරගොඩ ගුණතිලකාරාම මහා විහාරය තුල දේවත්වයෙන් සලකන “ඇමටියගොඩ දෙවිහාමුදුරුවන් “ලෙසට හදුන්වන විහාර ගෙයි බිත්තියක් මත අදුශ්ශ්‍ය මානව සිතුවම් වුවායැයි සලකනු ලබන බැතිමතුන්ගේ පූජෝපහාරට පාත්‍ර රුව.

ජීවිත කාලය අවසන මරණින්මතු ” ඇමටියගොඩ දෙවිහාමුදුරුවන්’ ලෙස හදුන්වා පූජෝපහාර පවත්වන දෙවියන් වැඩ සිටින බෝධිය ලෙසට හදුන්වන පැරණි නා වෘක්ෂය.

සපරගමුවේ වංශ කථාව නම් ග්‍රන්ථයේ කොටසක්.

සපරගමුවේ වංශ කථාව නම් ග්‍රන්ථයේ කොටසක්.( රොබට් බවුන්රිග් ආණ්ඩුකාර වරයාගේ නියෝගය )

සබරගමුවේ වංශ කථාව නම් ග්‍රන්ථයේ කොටසක් ( ජේ.සී.වෑන් සෑන්ඩන් ගේ සටහන )

සපරගමුවේ වංශ කථාව නම් ග්‍රන්ථයේ කොටසක්.