නාරිලතා ලාංඡනය, අස්ව හිස ලාංඡනය. සහ අඩමිනිස් හිස ලාන්චනය.
අතීත වලව් හදුනාගන්නා ලාංඡන භාවිතා වී ඇත. ඇතැම් වලව්වක කොඩිද, භාවිතා කර ඇත. මඩුවන්වෙල වලව්වේ ගෝණ හිසද, කැප්පෙටිපොල වලව්වේ ඌවෙ හන්සයා කොඩියද, ඉලංගකෝන් වලව්වේ කොඩියද, ඇමටියගොඩ වලව්වේ නාරිලතා රුවද, පසුව අශ්ව හිසද, භාවිතා කර ඇත. ලිපි ශීර්ෂ වලටද යොදා ගෙන තිබේ. මඩුවන්වෙල වලව්වේ සිය නින්දගම් තුල නඩු අසන ශාලාවේ ගව හිසද, ඇමටියගොඩ වලව්වේ අඩ මිනිස් හිසද ලාංචන ලෙස භාවිතා කර ඇත. – වැඩ වසම් යුගයේ ප්රවේණි සැලැස්මට බුක්ති විඳින දේපල වනාහී අම්බලමක සිටීමට සමානය. එවැනි දේපලක බුක්තිය රාජකාරිය මතම පමනක් තහවුරු වෙයි. මඩුවන්වෙල වලව්වේ ගව හිස මගින් නඩු හබ කරන්නේ ගවයන් බවත් ඇමටිගොඩ වලව්වේ අඩ මිනිස් හිස මගින් නඩු හබ කරන්නේ ඔලූවක් නොමැති උදවිය බවත් අර්ථවත් කර ඇත. උඩරට රාජධානිය සමයේ රොබට් නොක්ස් දිනපොත මෙය වැඩි දුරටත් තහවුරු කරයි.