ගොඩකවෙල, ශ්‍රී ලංකා.

” කන්ද උඩරටට රාජ්‍ය සමයේදී පැවති සංනිවේදන ක්‍රම සහ ඊට පැවති පහසුකම්.

කෝරළ කුඹය ( කොඩි ගහ ).

අඩබෙර.

කර මාරු පයින්ඩ.

කැහැපොට හැතැමිමට බැල ගෙවීම.

වැලිපිල්ලේ ලිවීම.

කෝරල කුඹය ( කොඩි ගහ )

කෝරළ තුල උස් බිමක් බලා කොඩිය සහිත කුඹය සිටුවීම මගින් , කෝරළ කොඩිය ලෙලදීම සාමාන්‍ය තත්වය ප්‍රදර්ශනය කිරීමකි.

සුදු කොඩිය, කෝරළ ප්‍රධානියාගේ අභාවයයි.

රතු වර්ණ කොඩිය, යුධ අනතුරු ඇඟවීමයි.

කලු වර්ණ කොඩිය, යුධ පරාජය. හැගවීමයි

කදු මුදුනක කුඩිම්බිගලක් සාදා ( රවුම් කුහරයක් සහිත ගල් වලක් ) ඒ තුලට දිගු විශාල රවුම් කදක් ආදාරයෙන් කොඩි කුඹය බැදීම සිදු කරයි. දිනකට දෙවරක් උදේ සවස ඒ සදහා ශක්තිමත් පුරුෂයන් හතර දෙනෙකු යොදවා කුඹය කොරකැවීම කළ යුතුව ඇත. මෙය ඌලියන් රාජකාරිය ලෙසට සිදු කර ඇත. මෙසේ ඇමටියගොඩ කොඩි කුඹයක් තිබූ තැන මාතර – කටුවන යුධ ජයග්‍රහණයේ විරුවන් සිහි කරමින් කෘතගුණ සෑය නමින් වෙහෙරක් ඉදිකර ඇත.

අඩබෙරය,

රජුගේ අණින් නියෝගයන් ද.

දිසාව ගේ අණින්, නියෝගයන් ද, කෝරලේ නියෝගයන් ද අමතර දැනුමි දීම්ද, මෙමගින්

පොදුවේ දැනුම්දීම් සිදු කරනු ලබයි.

මේ සදහා රාජකාරී බෙරයක් අතීතයේ සෑම කෝරලේ හෝ. මුදලි වරයාගේ වලව්වේ ඉදිරිපස පසෙකින් තබා තිබීම සිරිත විය. ඌලියන් රාජකාරියක් ලෙසට අඩබෙර ගැසීම සිදු කර ඇත.

කරමාරු පයින්ඩ.

මේ සදහා සෑම නින්ද ගමකම පරපුරෙන්ම තට්ටු මාරු ක්‍රමයට සේවය කිරීමට යොදවා තිබුණි. මෙය විදානේ රාජකාරිය ලෙසට සලකනු ලබයි. රාජකාරිය වෙනුවෙන් බුත්තියට පංගු දේපලක්ද වෙන්කර ඇත. මෙම රාජකාරිය කිරීම, කරවීම එම පංගුවේ උදවිය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුවිය. ප්‍රාදේශීය පාලකයන් විසින් ලබාදෙන පණිවිඩය ගමෙන් ගමට ගොස් අදාල තැනැත්තාට ලබා දිය යතුය.

එක් ගමක් අවසානයේ අනෙක් ගමේ විදානේටද බාර දී පණිවිඩය මාරුවෙන් මාරුවට ගෙන යෑම “කරමාරුව “ලෙසට හදුන්වයි.

කැහැපොට හැතැම්මට බැල ගෙවීමෙන් පණිවිඩ යැවීම.

මෙම ක්‍රමය ගම්වැසි අවශ්‍ය අයෙකුට බැල ( කුලියක් ) ගෙවා පණිවිඩය යවා ගතහැකි ක්‍රමයකි. මෙහි දී ගෙවීම් කිරීම සැතපුම් ගනනට කළයුතු විය

පණිවිඩය ගෙන යන පුද්ගලයා ගමන් පහසුවට සිය සරමෙන් කැහැපටයක් ගසාගෙන යන අතර එම ගැටය ඉබේම ලිහෙන තැන එක් “කැහැපොට හැතැමිමක්” ලෙසට හදුන්වයි.

මෙම දුර එකිනෙකාට වෙනස් නොවී අතීතයේ යම් සමිමත දුරක් හදුනාගෙන ඇත. එම දුර අනුව මුදලක් අය කෙරේ. එසේම ප්‍රදේශ හදුනාගත් කීපදෙනෙක් එකල මෙම කටයුත්ත සිදු කර ඇත. මෙසේ ගෙවීම් වෙනත් කටයුතු සදහාද සිදු කර ඇති අතර උදාහරණයන් ලෙස” බැල වී ” දීම, “බැල ගෙඩිය” දීම ඉන් සමහරෙකි.

වැලිපිල්ලේ ලිවීම.

සෑම නිවසකම වැලි පිල්ල ලෙස හදුන්වන ස්ථානයක් නිවසක නොතෙමෙන තැනක තිබිණි. එය හතරැස් වන ලෙසට යම් විශාලත්වයකට මැටියෙන් කොටුවක් ලෙසට සාදා ඉතාමත් තුනී වනසේ හලාගත් වැලි අතුරා තනා ගැනීමකි. මෙහි මත කෝටු කැබැල්ලකින් හෝ ඇගිල්ලෙන් අකුරු ලිවීමෙන් හෝ සලකුණු කිරීමකින් පණිවිඩය සදහන් කරයි. වැලි පිල්ලේ ලිවීම හැරුණු කොට අනිකුත් කුමන ක්‍රමය අනුගමනය කළද අදාල ප්‍රදේශීය පාලකයාගෙන් අවසරය අනුදැනුම අනුවම පමණක් සිදු වීම අනිවාර්ය වෙයි.

පණිවිඩ ක්‍රමයන් ගෙන යාමේ පහසුවට සහ රට වැසියන් ගේ ගමන් පහසුවට එකල අම්බලම් පිහිටුවා තිබේ. එලමල්පේ, බටදුරේ ,අම්මඩුව,

කිල්ලදෙනිය, ඇමටියගොඩ අම්බලම, ආදී සබරගමුවේ පිහිටා තිබූ අම්බලම් අතුරින් කීපයකි. මෙයින් ඇමටියගොඩ අම්බලම තිබූ ස්ථානය අම්බලම් වත්ත ලෙසට අදද හදුන්වයි. ප්‍රභූන් සදහා ගලිගමුව, රත්නපුර බටුගෙදර, පැල්මඩුල්ල, ගොඩකවෙල ප්‍රධාන තානායම් පිහිටා තිබූ ස්ථාන කීපයකි. මෙයින් ගොඩකවෙල තානායම වේරහැර පිහිටා තිබූ අතර අදද එම ස්ථානය “තානායම් වත්ත”, ලෙසට හදුන්වයි. මෙම තානායම පිලිබඳව. කොලොන්න කෝරලේ දොරපනේ විසූ මුකවෙටි අත්පත්තු නම් පඩිවරයා විසින් ලියන ලද කැටකිරිලි සන්දේශයේ එන කාව්‍යයක්ද වෙයි. මෙම තානායමේ සිටිමින් ගොඩකවෙල කම්මල් වත්තේදී ඇහැලේපොළ දිසාව විසින් රහසිගතව කඩුවක් සහ ඔටුන්නක් සෑදූ බවද ඇමටියගොඩ නින්ද ගමේ ඉඩම් හබයක් විසදා ඇති බවද වෙයි. මෙම නඩුවේ තීන්දුව ජාතික ලේඛනාගාරයේ දැනට සංරක්ණෂණය කරන ලේඛනයක් වන අතර ඇහැලේපොළ දිසාවගේ අත්සන් සහිත ලේඛන ඉංග්‍රීසීන් විසින් විනාශ කර ඇති නමුත් මෙය ආරක්ෂාවී තිබේ . මෙහි විශේෂත්වය වන්නේ ඇහැලේපොළ නිළමේ විසින් උඩරට ගිවිසුමේ තබා තිබෙන අත්සනට වඩා මෙම අත්සනත් වෙනත්. දැනට ඉතිරිව ඇති අත්සනුත් සමාන වීමයි. මෙම තත්වය තුල ඇහැලේපොළ නිළමේ උඩරට ගිවිසුමේ සිය අත්සන තැබුවාද නැද්ද යන්න ගැටලූවකි. (මෙය වෙනම සංවාදයකට භාජනය විය යුතු කරුණකි. ) ඔහුට සිරකරුවෙක් ලෙස මුරිසි දූපතේ අවසන් හුස්ම හෙළීම සිදුවීමට තරම් එක් හුතුවක් වූයේ ද මෙය බවට අප්‍රකට තොරතුරක්ද වෙයි.

පැරණි කොඩිගහ තිබූ  ස්ථානයේ ඉදිකළ කෘතගුණ සෑය.

පැරණි කොඩිගහ තිබූ  ස්ථානයේ ඉදිකළ කෘතගුණ සෑය.

අඩබෙරය, ( අන්තර් ජාලයෙනි

ඇමටියගොඩ වලව්ව තුළදී දැකගත හැකි අඩබෙරය.

කැහැපොටය  හා  කැහැපොට ගැටය.

මුකවෙටි අතපත්තු පඩිවරයා ලියනලද කැටකිරිලි සන්දේශයේ ගොඩකවෙල  පිළිබඳ සදහන් වන  කාව්‍යය. ( ජාතික කෞතුකාගාරය සතුව  කාව්‍යයේ සම්පූර්ණ  පිටපතක් තිබේ.)

ඇහැලේපොළ දිසාවගේ   නඩු  තීන්දුව.

( ඇමටියගොඩ නින්ද ගමේ ඉඩම් හබයක් පිළිබඳ )

උඩරට ගිවිසුමේ ඇහැලේපොළ අත්සන.

මුරුසි දිවයිනේ පිහිටි ඇහැලේපොළ සොහොන. ( අන්තර් ජාලයෙනි.)