ගොඩකවෙල, ශ්‍රී ලංකා.

සන්නස්,

සන්නස් ලබා දෙනුයේ රජතුමා විසින් සිය අත්සන සහිත ලාංඡනය තබාය. එය ප්‍රවේණි සැලැස්මට බුක්ති විදීමටද, දුක්ගැනවිල්ල කියා සිටිවිට බඩ වැඩිල්ලටද, සිය කර්මාන්ත නිපුණතා සහ දක්ෂතාවයන් උදෙසා ජීවිකාවටද, මෙම සන්නස් ලබාදීම සිදුව ඇත. ( පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්ගේ ” සබරගමු දර්ශන ‘ කෘතියේ සැකෙවින් විස්තර වෙයි. ) මේ සදහා රන්, රිදී සහ තල්පත් , උපයෝගී කර ගෙන ඇත.

තුඩපත්,

රජුගේ නියෝගය පරිදි අදිකාරම් වරයා හෝ එයට රජුගේ නියමයෙන් පත්කළ නියෝජිතයා විසින් ලබා දෙන්නකි. මේ සදහා බාවිතා කර ඇත්තේ තල්පත් පමණි.

ගම්තල්පත්,

මෙම ක්‍රමය ප්‍රභූ රදළ ප්‍රධානීන් සාක්ෂි කරමින් ලබා දීම් සිදු කර ඇත. ප්‍රභූ රදළ ප්‍රධානීන් ලෙසට දිසාව, රටේ මහතා, බස්නායක නිළමේ, කෝරලේ මහතා, ආරච්චි මහතා සහ විදානේ ආදීන් ලෙසට දක්වයි.

සීට්ටු සහ දිවි සීට්ටු,

මෙම ක්‍රම භාවිතා කර ඇත්තේ විශ්වාසය තහවුරු කිරීමටයි. මේ සදහා අතිතයේ තල්පත්ද පසුකාලීනව කඩදාසි ද භාවිතා කර ඇත. දිව්රා ලෙයින් අත්සන් තැබූ අවස්ථා දිවිසීට්ටු ලෙසට හදුන්වයි. පොරොන්දු පත්‍රද මේ අතරට ගැනේ.

කුවිතාන්සි ,

අතීතයේ රාජුගේ නිලධාරීන් විසින් භාවිතා කරන ලද ක්‍රමයකි. පසු කාලීනව සාමාන්‍ය භාවිතයේද බහුලව දක්නට ඇත. විහාර සහ දේවාල සදහාද බාවිතා වී ඇති අතර විහාරයක නම් විහාරාධිපති හිමියන්ටද, දේවාලයක නම් බස්නායක නිළමේ වරයාටද කුවිතාන්සි නිකුත් කිරීමේ බලය එදා සිට අද දක්වාම පවතී.

1870 නොම්මර 04 පනත.( ප්‍රවේණි පංගු හා කලයුතු වැඩරාකාරි ලේඛණය හෙවත් කොමසාරිස් පොත ).

මෙම ක්‍රමය විහාර සහ දේවාල සදහාද ප්‍රවේණි සැලැස්මට බුක්ති විදීමට ලබාදී තිබූ වලව් නින්දගම් සදහාද බාවිතා වූවකි. නමුත් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වලව් සදහා තිබූ මෙම ක්‍රමය අවලංගු කර ඇති නමුත් විහාර සහ දේවාල සදහා මෙම ක්‍රමය අදටත් වලංගුව පවතී.

ඔප්පු,

1870 නොම්මර 04 පනතින් පසුව සිට අද දක්වාම ක්‍රියාත්මක වෙයි. උකස් සහ සින්නක්කර, හුවමාරු ආදී ඔප්පු වර්ග ක්‍රම කීපයක්ම පවතී.

රජ දවසේ දේව දිව්රුම්.

මෙම ක්‍රමය අතීතයේදී පන්ති තරාතිරම් බේදයකින් තොරව භාවිතා වූවකි. උඩරට රාජධානියේ විවාහ වලදී බහුලව භාවිතාවූ ක්‍රමයකි. ව්‍යාජ දිව්රුම් වලදී රාජ දඩුවම්ද පමුනුවා ඇත. දිව එලියට ඇද කටුගැසීම, දිව කපා දැමීම, එම දඩුවම් අතර වෙයි. ඇහැලේපොළ නිළමේට ඉංග්‍රීසි ආන්ඩුවේ ගොවැණිදෝරු තැන එනම් ආන්ඩුකාර තැන එවන් දිවුරුමක් දී ඇති බව ඇහැලේපොළ නිලමේ විසින් උඩරට රදළ ප්‍රධානීන්ට එවන ලද රහසිගත ලිපියේ දැක්වේ. සබරගමුවේ වංශ කථාව පොතේ කතෘ අයිතිය සුරකෙන පරිදි එම ලිපිය සදහන් සටහන ඒ අයුරින්ම පහතින් දැක්වමි.

ඇමටියගොඩ වලව්වේ අදටත් දැක ගත හැකි ලේඛන පහතින් දක්වමි.

සිතුවම් කර ඇති කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සිතුවමක්

අතීත රජවරුන්ගේ අත්සන් පිළිබඳ වැදගත් පුවත් පත් විග්‍රහයක්.

ඇමටියගොඩ සන්නස. 1761

ඇමටියගොඩෙ තුඩපත 1811

ගම් තල් පත් පිළිබඳ සටහනක්.

ඇග බද්ද කුවිතාන්සියක්

1870 නොම්මර 04 ප්‍රවේණි පංගු හා කලයුතු වැඩ රාජකාරි ලේඛනයේ පිටපතක්.

1870 නොම්මර 04 පනතට පසුව ඇමටියගොඩ නින්ද ගමට ලියන ලද ප්‍රථම වැඩ රාජකාරි

වෙනත් ඔප්පු.

උකස් ඔප්පුවක්.

වෙනත් ඔප්පු.

සිහිවීම් පත්‍රයක්.

ගොවැණිදෝරු තැන හෙවත් ආණිඩුකාර වරයාගේ දිවිරුම පිළිබඳ සදහන් ඇහැලේපොළ නිලමේ උඩරට රදළ ප්‍රධානීන්ට එවන ලද රහසිගත ලිපිය.