ඕලන්ද, ලන්දේසි, ඉංග්‍රීසි, ඇතුළු සෑම ගෘහ නිර්මාණක් තුළම සුලභව දැකිය හැකි වූවකි..
මෙහි දක්වන පෞරාණික නිර්මාණය ඕලන්ද ගෘහ නිර්මාණයකි.
සී මැදුරු කවුළු වලින් සමන්විත මෙහි ඔබ මොබ ඇවිදිමින් යා හැකි පරිදි සකසා ඇත. 1969 වසරේ ප්‍රතිසංස්කරණ කටයුතු වලදී තනි කදට උළුවසු දෙකක් වන පරිදි යට උළුවස්ස තුලින් පහත මාලයටත් ඉහළ උළුවස්ස තුලින් ඉහළ මාලයටත් පරිදි සකසා තිබූ ඇතුළු වන ප්‍රධාන උළුවස්ස ඉවත් කර ඉංග්‍රීසි ගෘහ නිර්මාණයට අනුව තනි උළුවස්සක් යොදා ඇත. නිවස ඇතුලතින් ඇතුළු වීමට තරප්පුව සකසා ඇත. අතීතයේදී ඉහළ මාලයට ඉදිරි උළුවස්ස තුලින් ඇතුළු වීමට ඉනිමගක් භාවිතා කර ඇත. ඉහළට ඇතුළු වීමෙන් පසු ඉනිමග ඉහළට ගනු ලබයි. තරප්පුව යනු පොලව මතුපිට සිට ඉහල මාලය දක්වා පෙට්ටියක් හැඩය ගත් ලීඇන බාවිතාකර නිවස ඇතුළතින්, අතින් අල්ලාගෙන නැගීමට උපකාරයට අත් ඇන්දක්ද සහිතව ස්ථිරවම ඉහල සහ පහළ සවිකරන ලද්දකි.
තවද රහස් සොල්දරයක් ද සාදා ඇත. එයටද ඇතුළු වීමට ඉනිමගක් භාවිතා කර ඇත. ඇතුළු වූ පසු ඉනිමග ඉහළට ගනු ලබයි. මෙම සොල්දරය හදිසි අවස්ථා වලදී ප්‍රයෝජනයට ගැනීමට ( හදිසි සැගවීමකදී ) යොදා ගෙන ඇත. මෙහි සොල්දරය, බිත්ති බැඳීම කරන විටම අවශ්‍ය උසකදී. පිටතට පනින පරිදි දැව පේකඩ මතින් බිත්තියටම සවිවන පරිදි ශක්තිමත් හරස් දැව කදන් තබා ඒ මත තිරස් අතට ගනකම ලෑලි අතුරා පහත මාලයට දූවිලි අංශු නෙවැටෙන සේ වැද්දුම්කර සකසා ඇත. මෙහි සොල්දරයට සවිකර ඇති සීමැදුරු කවුළු දෙක කටුවන කොටුව ජයග්‍රහණය සිහිවීම පිණිස එහි ගොඩනැගිල්ල කින් ගලවා ගෙනවිත් සවිකරන ලද්දකි. මීට සමගාමීව මඩුවන්වෙල වලව්වටද කටුවන කොටුව තුළ ගොඩනැගිල්ලක දොරක් ගෙන විත් සවිකර ඇත.( ක්‍රිකට් ජයග්‍රහණයක් අවසානයේ සිහිවීමට කඩුලු රැගෙන ඒම පරිදි සිදුව ඇත. ) සොල්දර සහ තරප්පු ලෙසට වචන ඕලන්ද බසින් කැඩී එන ලද වචන වෙයි.
පසුකාලීනව අධිරාජ්‍ය වාදී සමයේදී සිමෙන්ති, වැලි, ගඩොල් යොදා සිදු කළ ඇති විශාල ඉදිකිරීම් වලදී තරප්පුව නව නිර්මාණ වලට ලක් කර ගැනීමට තිබූ පහසුකම් හේතුවෙන් කැටයම් යොදා අලංකාරවත්ව විශාලව සකසා තිබේ. පැරණි තරප්පු සහ සොල්දර අතීතයේ තිබූ පරිදිම මුල් පිහිටීම් ඒ අයුරින්ම පවතින ස්ථාන බොහොමයක් අදද පවතී.
කටුවන – මාතර සටන ග්‍රන්ථයේ එවකට ඇමටියගොඩ වලව්ව පිළිබඳ තබා ඇති සටහන ඒ අයුරින්ම පහත දක්වමි.
තරප්පුව
තරප්පුව – පටන් ගැන්ම
සොල්දරයට නිවස ඇතුලතින් ඇතුළු වීමට උළුවස්ස
” රහස් සොල්දරය” සහ ඊට ඉණි මග ආදාරයෙන් ඇතුළු වන අළුවස්ස
සොල්දර තට්ටුව පොළවේ සිට පෙනෙන අයුරු.
සොල්දර තට්ටුව පොළවේ සිට පෙනෙන අයුරු.
පේකඩ කොටස්
සොල්දරයට සවිකර ඇති සීමැදුරු කවුළු
සොල්දරයට සවිකර ඇති සීමැදුරු කවුළු