ගොඩකවෙල, ශ්‍රී ලංකා.

මෙම උළු සකසා ගැනීමට කිරිමැටි භාවිතා කර ඇති අතර උක්පැණි මිශ්‍රකර අලිලවා පාගා මිශ්‍රකර ඇත. අලිමූත්‍ර අලි මලපහ මාත්තු ලෙසට ලබාගෙන ඇත. කාලයක් නොදිරා පැවතීමට එය හේතු කොට ගෙන ඇත. අනුරාධපුර, පොලොන්නරුව ප්‍රදේශ වල දිවුල් ගැටද භාවිතා කර ඇත.

ලේන්සු උළු යනු මුදුන් උළු වන අතර හවරි උළු යනු වහලයේ පහලට වන කොටසේ මුදුන් උළු වෙයි. මේවා ඉතා විශාල වේ අඩ රවුම් උළු සාමාන්‍යයෙන් සිංහල උළු ලෙසට හදුන්වයි. මෙයින් ලේන්සු උළු සහ හවරි උළු දැනට දැක ගතහැකි එකම ස්ථානය මෙම ස්ථානය පමණි. ලේන්සු සහ හවරි යන වචනය ඕලන්ද භාෂාවෙන් කැඩී එන වචන වන අතර මුදුන් උළු සහ කොළපත් උළු ලෙසට සිංහල බසින් හදුන්වයි. වලව්වකනම් රාජකීය මුද්‍රාව සහිත තඹ උළු කැටය රැද වීමට මංගල උළුකැටය නමින් උළු කැටයක් මුදුන් වහලයට එක්කරනු ලබයි. රජුගේ නියෝගයට ඉදිකළ දේවාල එකක පමනක්, බලංගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ අදද දැක ගත හැකි අතර වලවිවක දැක ගත හැක්කේ ඇමටියගොඩ වලව්වේ පමණි. උළු සදහා මැටි භාවිතයෙන් ගෘහය ස්වභාවික වායු සමීකරණකට ලක්කර ගැනීමට අතීත තාක්ෂණය කර ගෙන ඇත.